පසුගිය දශක තුන තුළ ඇමරිකා එක්සත් ජනපද ශ්‍රම බලකාය තුළ මහජන සෞඛ්‍ය අර්බුදයක් බවට පත්වෙමින්, එරට තරුණ හා මැදිවියේ ඇමරිකානුවන්ගේ මරණ සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන බවට වාර්තා වේ.
1990 සිට 2017 දක්වා වැඩ කරන තරුණ ඇමරිකානුවන්ගේ මරණයට හේතු වන කරුණු අතර මත්ද්‍රව්‍ය අධික ලෙස පානය කිරීම, මත්පැන් භාවිතය සහ සියදිවි නසාගැනීම් ඇතුළත් වන බව ජාතික විද්‍යා, ඉංජිනේරු සහ වෛද්‍ය විද්‍යා ඇකඩමිය විසින් අඟහරුවාදා ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක දැක් වේ.
අනෙකුත් ධනවත් රටවල වෙසෙන පුද්ගලයින්ට වඩා වයස අවුරුදු 65ට පෙර ඇමරිකානුවන් මියයාමේ ප්‍රවණතාවයට තවත් ප්‍රධාන සාධකයක් වන්නේ දියවැඩියාව හා හෘද රෝග ඇතුළු රෝග තත්වයන් ය.
වයස අවුරුදු 25ත් 44ත් අතර තරුණ වැඩිහිටියෝ අධික තරබාරුකමත් වසංගතයක් මධ්‍යයේ ජීවත් වීමත් හේතුවෙන් බොහෝ සෞඛ්‍ය ගැටලුවලට මුහුණ පා සිටිති. සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර සහ ව්‍යායාම සඳහා ආරක්ෂිත, විවෘත අවකාශයක් නොමැතිකම හේතුවෙන් මෙවැනි තත්ත්වයක් ඇති වී තිබෙන බව කතුවරු පෙන්වා දෙති.


අත නොහැර කියවන තැන
තායිවාන මුහුදු සීමාවේ චීන යුද අභ්‍යාසයක්
ට්‍රම්ප් පරිපාලනයෙන් හදිසි තීරණයක්: ශ්‍රී ලංකා තානාපති ඇතුළු 30ක් යළි කැඳවයි
උතුරු කැරොලිනාවෙන් වාර්තාවන හද කම්පා කරවන ගුවන් අනතුර