Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඇමති මාරු කළාට කැපිල්ලේ වෙනසක් නෑ : හෙටත් පැය 07 ක් රට අඳුරේ

Power Cut

ඉන්ධන ගැටළුව තවම විසඳි නැහැ

හෙට (14) දිනයේ සියලුම කළාප සදහා පැය 07 ක විදුලි කප්පාදුවක් සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි පැවසෙන්නේ.

ඒ අනුව පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා පැය 5 ක් හා පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා පැය 2 ක් විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතයි.

රජයේ ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් පහුගිය දිනවල සඳහන් කළේ විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අදාළ ධුරයෙන් ඉවත් කළ පසු සියලු ප්‍රශ්න විසඳි යන බවයි.

ඉන්ධන අර්බුදයට ඔහු වගකිව යුතු බවද ඔවුන් එහිදී සඳහන් කළා.

නව විෂයභාර අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පසුගිය බදාදා සඳහන් කළේ සිකුරාදා දිනය වන විට (11) ඉන්ධන අර්බුදය සම්පූර්ණ විසඳීමට හැකි වනු ඇති බවයි.

අද (13) පෙරවරුවේ ඩීසල් නැවක් පැමිණ අවශ්‍ය ඉන්ධන තොගයක් ගොඩබා සියලු ප්‍රශ්න නිරාකරණය කර ඇති බව සී බී රත්නායක අමාත්‍යවරයා නුවරඑළියේ දී සඳහන් කළා.

නමුත් සියල්ල පුස්සක් බවට පත් කරමින් හෙට දිනයෙත් පැය 07ක කාලයක් සඳහා දිවයිනේ සියලුම කලාපයන් විදුලිය විසන්ධි කෙරෙනු ඇති.

About The Author