මේ වෙලාවේ ඕවා භාරගත්තොත් ජනතාව අපේ පතුරු යවයි – පිරිසක් පස්ස ගහයි
ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50 කට ආසන්න පිරිසක් සඳහා ව්‍යාපෘති අධීක්ෂණ මන්ත්‍රී ධුර ලබා දීම සඳහා කටයුතු සූදානම් වෙමින් පවතින බව වාර්තාවනවා.
ඒ අනුව තම ප්‍රදේශයේ ක්‍රියාත්මක රජයේ ව්‍යාපෘති හෝ වැඩි කැමැත්තක් දක්වන ව්‍යෘපාති සම්බන්ධයෙන් අදාළ මන්ත්‍රීවරුන් ගෙන් විමසීමක් ද කර ඇති බව සඳහන්.
එහිදී ඇතැම් මන්ත්‍රීවරුන් විසින් දන්වා ඇත්තේ රට ආර්ථික වශයෙන් ඉතා අපහසු තත්වයක තිබියදීත් තවත් වියදම් දරමින් මෙම ධුරයන් ලබා ගැනීමේ කැමැත්තක් නැති බවයි.
එමෙන්ම නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා යටතේ අධික්ෂණ මන්ත්‍රීධුර දැරීමට වැඩි කැමැත්තක් නොදක්වන ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරු කිහිපදෙනෙකුද සිටින බවටයි තොරතුරු වාර්තාවන්නේ.
පත්කිරීමට නියමිත අදාළ ව්‍යාපෘති අධීක්ෂණ මන්ත්‍රීවරුන් සඳහා වාහන ඉන්ධන ඇතුළු අමතර පහසුකම් ද ලබා දීමට නියමිතව ඇති බවද වාර්තාවනවා.
© මව්රට | ලංකා සී නිවුස්
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට