Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආසාදිතයන් අඩු බව පෙන්වන්න PCR නවත්තන්න කියලා ! PHI සංගමයෙන් චෝදනා

දිස්ත්‍රික්ක කිහිපයක වෙනදා සිදු කරන ලද අහඹු PCR පරීක්ෂණ වහාම නවත්වන්නැයි දන්වා ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරනවා.

එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරන්නේ දැනට දිස්ත්‍රික් මට්ටමින් කරගෙන යමින් තිබූ අහඹු PCR පරීක්ෂණ නවත්වන්නැයි බලධාරීන් විසින් දන්වා ඇති බවයි.

එය ඉතා කණගාටුදායක තත්ත්වයක් බව පවසන උපුල් රෝහණ මහතා මෙහි අරමුණ වන්නේ ආසාදිතයන් වාර්තා වීම අවම ලෙස පෙන්නුම් කිරීම බවට චෝදනාවක්ද එල්ල කරනු ලැබුවා.

නමුත් මෙම තීරණය හමුවේ සිදුවිය හැක්කේ ජනතාව අතර තවදුරටත් වසංගතය තීව්‍ර වීම බව ද පැවසූ ඔහු යම් අයුරකින් අහඹු PCR පරීක්ෂණ කට්ටල හිගයක් පවතිනවා නම් ඒ පිළිබඳ ජනතාව සහ අදාළ අංශ දැනුවත් කළ යුතු බවද සඳහන් කළා.

About The Author