Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

“ආර්ථිකයත් – ජනතාවත් දෙකම ආරක්ෂා කර ගැනීමේ අභියෝගය රජය කෙසේ හෝ ජයගන්නවා” ඇමති ප්‍රසන්න රණතුංග

ආර්ථිකය සහ ජන ජීවිතය යන දෙකම ආරක්ෂා කරගැනීමේ අභියෝගය රජය කෙසේ හෝ ජයගන්න බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

ගෝලීය වසංගත තත්ත්වයේ වෙනස්වීම් අනුව ඉදිරියේ ඇතිවිය හැකි යැයි හැගෙන තත්ත්වයන්ට මුහුණ දීම සඳහා සෞඛ්‍ය අංශය ශක්තිමත් කිරීමට රජයේ වැඩි අවධානයක් යොමුව ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති කොවිඩ් කමිටු රැස්වීමේ දීයි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ කොවිඩ් එන්නකරණ වැඩපීලිවෙල කඩිනම් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි. ඉදිරි සති කීපය තුළ කොවිඩ් එන්නත් මෙරටට ලැබීමට නියමිත බව ද ඇමතිවරයා සදහන් කළා.

රටේ ජනතාව ආරක්ෂා කරගනිමින් ආර්ථික තත්ත්වය ද රැක ගැනීම මේ මොහොතේ ආණ්ඩුව මුහුණ දෙමින් සිටින අභියෝගය බවත් එම අභියෝගයට මුහුණ දීම සදහා හැකි උපරිමයෙන් කටයුතු කරන බවත් ඔහු මෙහිදී පේනවා දුන්නා.

කඩිනමින් ප්‍රතිකාර මධ්‍යස්ථාන ගොඩනගමින්, ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන කොරෝනා වෛරසය සඳහා සුදුසු ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස සංවර්ධනය කරමින් ආරක්ෂක අංශ දක්වන සහායද මේ මොහොතේ අගය කරන බව කී අමාත්‍යවරයා කොවිඩ් වෛරසය ගෝලීය වසංගත තත්ත්වයක් බව දැන දැනත් රෝගය මර්ධනය කිරීම සදහා රජයට සහාය වෙනවා වෙනුවට විපක්ෂය කටයුතු කරන්නේ වගකීම් විරහිතව බවට චෝදනාවක්ද ඔහු මෙහිදී සිදු කළා.

මෙම ගෝලීය වසංගත තත්ත්වය යටතේ හෝ රජයට පහරදී බලය ලබා ගැනීමේ අරමුණින් විපක්ෂය කරන පදනම් විරහිත ප්‍රකාශවලට අවධානය යොමු කරනවා වෙනුවට වෛරසය පාලනය කර, එන්නත්කරණ වැඩපිළිවෙල මගින් සෞඛ්‍ය ගැටලුවට නිසි විසදුම් දීම මෙන්ම වෛරසය පාලනය කර ජනතාව ආරක්ෂා කර ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ඔහු අවධාරණය කළේ ආණ්ඩුව කටයුතු කරන්නේ සෞඛ්‍ය අංශ නිර්දේශ අනුව මිස විපක්ෂයේ වැඩ බැරි ටාසන්ලාට අවශ්‍ය පරිදි නොවන බවයි.

මිනුවන්ගොඩ රෝහල දැනට කොවිඩ් රෝහලක් බවට පත් කර තිබෙන අතර ඒ සදහා අවශ්‍ය පහසුකම් පුළුල් කිරීමට ද මෙහි දී තීරණය කෙරුණා.

මීට අමතරව මිනුවන්ගොඩ ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශය පිහිටා ඇති ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සදහා කඩිනමින් පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා සෞඛ්‍ය බළධාරීන්ට උපදෙස් දුන්නා.

ඉදිරියේ දී අවශ්‍ය වුවහොත් එම රෝහල් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස භාවිතා කළ හැකි පරිදි දියුණු කිරීම එහි අරමුණ වී තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක 45 ක් ප්‍රා දේශීය රෝහල් 09 ක්, මූලික රෝහල් 04ක සෞඛ්‍ය යටිතල පහසුකම් කඩිනම්න් සංවර්ධනය කිරීමට තීරණය කර ඇති බවත් ඉදිරියේ දී එළඹෙන ඕනෑම තත්ත්වයකට මුහුණ දීම සදහා ග්‍රාමීය කමිටු බලාත්මක කිරීමට පියවර ගන්නා බවත් අමත්‍යවරයා මෙහි දී සඳහන් කළා.

© මාධ්‍ය ඒකකය

About The Author