Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආයුධ සන්නද්ධ කණ්ඩායමක් යාපනය කළඹයි – කඩු කිනිසි වලින් මිනිසුන්ගේ අත පය වෙන් කරලා

යාපනය කෝපායි කොණ්ඩාවිල් ප්‍රදේශයේදී  තියුණු ආයුධ රැගෙන ආ පිරිසක් සිදුකල පහරදීමකින් පුද්ගලයන් 08 දෙනකුට බරපතල තුවාල කර පළාගොස් ඇතැයි පොලිසිය සඳහන් කරනවා.  

කොණ්ඩාවිල්හි පිහිටි ශබ්දාගාරයක් අසල රැසව සිටි පිරිසක් වෙත එකවරම මුහුණු ආවරණය කරගත් සන්නද්ධ කණ්ඩායමක් විසින් මෙම පහර දීම සිදු කර තිබෙනවා.

කඩු, කිණිසි ඇතුලු තියුණු ආයුධ රැගෙන යතුරුපැදිවලින් පැමිණි මෙම පිරිසක් ඇතැම් පුද්ගලයන්ගේ අත්පා සිරුරෙන් වෙනවන ලෙසින්ද කපා ඇති බව වාර්තා වනවා.

එමෙන්ම අසල තිබූ ත්‍රී රෝද රථයකට සහ මෝටර් රථයකටද දැඩි අලාභ හානි සිදුකොට ශබ්ධාගාරයටද ගිනිතබා පලා ගොස් ඇති බවට පොලිසියට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

බරපතල කැපුම් තුවාල ලැබූ පුද්ගලයන් යාපනය ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කොට ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙකු තහවුරු කර තිබෙනවා.

මේ අතර අදාල පහරදීම සිදුකල පුද්ගලයින් කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතර සී.සී.ටී.වී දර්ශන ඇත්දැයි සොයා බලා සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සඳහා පොලිස්  කණ්ඩායම් කිහිපයක්  පරික්ෂණ ආරම්භ කොට ඇති බව කෝපායි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

මීට පෙරද මෙවැනිම ආකාරයේ සන්නද්ධ කල්ලි විසින් සිදුකළ පහරදීම් රැසක් යාපනයෙන් වාර්තා වුණා.

මෙම තත්වය තුළ ප්‍රදේශයේ ජනතාව දැඩි කැලඹීමකට පත්ව ඇති බවයි වාර්තාවන්නේ.

© රොමේෂ් මධුෂංක – ලංකාදීප

About The Author