පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත තුළ අන්තර්ගත සටන්කාමීන්, ප්‍රචණ්ඩකාරීන් යන වචන පනත් කෙටුම්පතින් ඉවත් කළ යුතු බවත් එය මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනයට පමණක් අදාළ කරගත යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (20) දැනුම්දී තිබෙනවා.
මෙම පනත් කෙටුම්පතට එරෙහිව නීතිඥ අමිල එගොඩවත්ත මහතා, පසුගිය සැප්තැම්බර් 29 වැනි දා පළමුවරට ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ගොනුකළ අතර ඉන්පසු තවත් පාර්ශව කිහිපයක්ද එම පෙත්සම අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සම් කිහිපයක් ගොනු කළා.
මෙම පෙත්සම් සම්බන්ධයෙන් විභාගය පසුගිය 04 වැනි දා අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය තම අධිකරණයේ නිගමනය කතානායකවරයා වෙත යොමු කර තිබුණා.
ඒ අනුව කතානායකවරයා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇති බවයි.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට