ශ්‍රී ලංකාව කොරෝනා මර්ධනය සඳහා ගෙන යන වැඩ පිළිවෙල සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය (Sarah Hulton) සිය ප්‍රසාදය පළකර තිබෙනවා.
ඒ අද (04) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදීයි.
මීට අමතරව රජය ක්‍රියාවට නංවා ඇති පුනර්ජනනීය බලශක්ති වැඩසටහන සහ 20%වන වන ආවරණය 30% දක්වා වැඩි කිරීමේ ව්‍යාපෘති, ජිනීවා යෝජනාව, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගැටලුව සහ රසායනික පොහොර භාවිතය තහනම් කිරීමට ගෙන ඇති තීරණය පිළිබඳව පිළිබඳව ද සාකච්ඡාවට බඳුන්ව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනය පහතින්
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය (Sarah Hulton) සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර හමුවක් අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.
කොරෝනා වසංගතය මර්දනයට රජය ගෙනයන වැඩපිළිවෙළ කෙරෙහි ප්‍රසාදය පළ කළ මහ කොමසාරිස්වරිය එන්නත්කරණ ක්‍රියාවලියට ලබාදිය හැකි සහාය පිළිබඳව අදහස් පළ කළාය. වෙළඳ ආර්ථිකයක් ගොඩනැගීමට ජනාධිපතිතුමා ගන්නා උත්සහායට බ්‍රිතාන්‍ය රජයේ දායකත්වය ලබාදීම පිළිබඳව ද මහ කොමසාරිස්වරියගේ අවධානය යොමු විය.
2030 වසර වන විට මෙරට බලශක්ති උත්පාදනයෙන් 80%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබාගැනීමට රජය ගෙනයන වැඩපිළිවෙළට අවශ්‍ය තාක්ෂණික දැනුම හුවමාරු කරගැනීමටත්, සූර්ය ශක්තිය ගබඩාකරණයට සහ සම්ප්‍රේෂණයට සහාය වීමටත් සාරා හල්ටන් මහත්මිය එකඟතාව පළ කළාය.
කාබනික පොහොර භාවිතයට යොමුවීමෙන් පරිසරය සුරැකීමට ජනාධිපතිතුමා ගත් තීරණය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරියගේ ඇගයීමට ලක්විණ. 20.8%ක්ව පවතින ‘වන ආවරණය’ 30% ක් දක්වා වර්ධනය කිරීමට රජය සැලසුම් කර තිබේ.
ඊට අවශ්‍ය දැනුම සහ ක්‍රමවේදයන් ලබාදීමට ද මහ කොමසාරිස්වරියගේ අවධානය යොමු විය.එක්ස් – ප්‍රේස් පර්ල් නෞකාවෙන් පරිසරයට සිදුව ඇති හානිය අධ්‍යනයට බ්‍රිතාන්‍යයේ තාක්ෂණික සහාය ලබා දෙන ලෙස ජනාධිපතිතුමා ඉල්ලා සිටියේය.
ජීනිවා යෝජනාව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ ජනාධිපතිතුමා ඉඩම් ගැටළු විසඳීම ඇතුළුව අනෙකුත් කාරණා සම්බන්ධයෙන් රජය ගෙන ඇති වැඩපිළිවෙළ පැහැදිලි කළේය.බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් ඇන්ඩෲ ප්‍රයිස් (Andrew Price), ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට