Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආණ්ඩුවේ ක්‍රියාකලාපයෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ අනාථයෙක් වෙලා – උදය ගම්මන්පිල

ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ අනාථයෙක් වී ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය. ඒ මහතා මෙසේ පැවසුවේ කොළඹදී ඊයේ (15) පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය,

“සමාජ මාධ්‍ය ඔස්සේ බොරු කිව්වත් ආණ්ඩුව ඉන්නේ විදේශාධාර නොමැතිව බරපතළ අවුලක. ප්‍රතිසංස්කරණ වියදම් ඇස්තමේන්තුවෙන් විදේශාධාර ලෙස තවමත් ලැබිලා තිබෙන්නේ 0.17%යි. අපි ලිඛිතව ඉල්ලීම් කරලත් ජාත්‍යන්තර ආධාර සමුළුවක් කැඳෙව්වේ නෑ. මේ විනාශයේ බරපතළකම ජාත්‍යන්තර මාධ්‍ය හරහා ලෝකයට පෙන්වා ලෝක ප්‍රජාව තුළ කම්පනයක්, ඇති කළෙත් නෑ.

එහි ප්‍රතිඵලය වුණේ වියදම් ඇස්තමේන්තුවෙන් 1%ක්වත් විදේශාධාර ලෙස සොයාගන්න මේ ආණ්ඩුව අසමත් වීමයි. පසුගිය වසර කිහිපය තුළ සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණු නිසා ශ්‍රී ලංකාව ගැන ලෝක ප්‍රජාවේ වෙන කවදාවත් නොතිබුණු උනන්දුවක් තිබෙනවා.

සුනාමි වෙලාවේ චීනය යුආන් මිලියන 50ක් වටිනා භාණ්ඩ එව්වා. නමුත් සුළි සුළං ආපදාවට එව්වේ යුආන් මිලියන 10ක් වටිනා භාණ්ඩ. සුනාමිය වෙලාවේ ඩොලර් මිලියන 134ක ආධාර ලබාදුන්න අමෙරිකාව සුළි සුළං ආපදාවට ලබා දුන්නේ ඩොලර් මිලියන 2ක ආධාර පමණයි.

එහෙම බැලුවාම අමෙරිකාවත්, චීනයත් කියන ලෝක බලවතුන් දෙන්නම ශ්‍රී ලංකාව අත්හැරලා, ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අනාතයෙක් වෙලයි කියලයි මේ තොරතුරුවලින් කියවෙන්නේ.

About The Author