කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ ඇතුළත් වගන්ති 74කින් වගන්ති 26ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග ගැටෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ප්‍රධාන වගන්ති 08ක් යටතේ සාරාංශ කරමින් දක්වා තිබෙනවා.
එම වගන්ති අටෙන් පහක් සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ 2/3ක බහුතර බලයද ඉතිරි වගන්ති තුන සම්මත කර ගැනීම සඳහා 2/3 බහුතරයට අමතරව ජනමත විචාරණයකින් මහජනතාවගේ අනුමැතිය ලබා ගතයුතු බව ද දක්වා තිබේ.
මේ අනුව සමස්තයක් වශයෙන් වරාය නගර පනත් කෙටුම්පතේ ඇතුළත් වගන්ති 1/3කට වැඩි ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේ 2/3 බහුතර බලයෙන් සම්මත කර ගත යුතු බව තීන්දු කර ඇත.
මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව දක්වමින් පාර්ශව ගණනාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සම් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් සලකා බැලීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබා දී තිබෙනවා.
මෙම පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා ඉදිරියේ විභාගයට ගැනුණා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට