Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආණ්ඩුව රාජතාන්ත්‍රික අවුලක

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසරිස්ට ඇමති බලතල දීමට ගොස් හිර වෙයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරය සඳහා පත්කරන ලද මිලින්ද මොරගොඩ මහතා ගේ විශේෂ බලතල පිළිගැනීම ඉන්දීය මධ්‍යම රජය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවද අන්තර්ජාල පුවත් අඩවි කිහිපයක් වාර්තා කරනවා.

මිලින්ද මොරගොඩ මහතා ඉන්දීය මහ කොමසාරිස් ධූරයට පත්කර ඇත්තේ අමාත්‍ය වරයෙකු සතු බලතල සහිතව බව ද එම වාර්තාවන්හි සඳහන්.

මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය විසින් මිලින්ද මොරගොඩ මහතාගේ එකී බලතල පිළිගන්නා ලෙස ඉන්දීය රජයෙන් ඉල්ලා තිබුණද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය එය ප්‍රතික්ෂේප කර ඇතැයිද වාර්තාවල දැක්වෙනවා.

ඒ අනුව අදාළ වගන්ති ඉවත් කර නව ලිපිගොනුවක් එවන ලෙසත් එය ඉන්දීය රජය වෙත යොමු කළ හැකි බව ද දැනුම් දී ඇතැයිද සඳහන්.

මෙම තත්ත්වය මත මහ මහකොමසාරිස් ධුරයේ අක්ත පත‍්‍ර මිලින්ද මොරගොඩ මහතාට මෙතෙක් භාර දී නැති බව ද වාර්තවනවා.

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත් කරන ලද මිලින්ද මොරගොඩ මහතා සිය රාජකාරි ආරම්භ කිරීම නව දිල්ලියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ දී පසුගිය 30 වැනිදා සිදු කර තිබුණා.

About The Author