සිගරැට් සමාගමට ආණ්ඩුව නිවැරදි බදු ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන බවත්, ඒ හේතුවෙන් විශාල බදු මුදලක් රටට අහිමි වන බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානත්යයන් රාසමාණික්කම් මහතා සඳහන් කර තිබෙනවා.
පළමුවරට සමගි ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානය එක්ව කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම කරුණු හෙළි කිරීම විශේෂත්වයක්.
මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ සිගරැට් සමාගම 2021දී රුපියල් බිලියන 40ක ආදායමක් ලබා ඇති බවත්, 2022දී එය බිලියන 50ක් වී ඇති බවත්ය.
නමුත් ආණ්ඩුව මින් බදු ආදායමක් ලබා නොගන්නා බවත් දුප්පත් ජනතාව පරිභෝජනය කරන භාණ්ඩවලට බදු ගසන බවත් ඔහු පෙන්වා මෙහිදී සඳහන් කළා.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි