ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත් වූ පසු නව රජය යටතේ එක මුදල් නෝට්ටුවක් හෝ අච්චු ගසා නැති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
එසේ මුදල් අච්චු ගසා ඇතැයි කිසිවකු පවසන්නේ නම් ඒ එක මුදල් නෝට්ටුවක් හෝ පෙන්වන ලෙස තමන් අභියෝග කරන බව ද ඔහු පැවසීය.
නව මුදල් නෝට්ටු අච්චු ගසා ඇත්නම් ඒවායේ මුදල් ඇමති ලෙස මහින්ද රාජපක්ෂ මහතා සහ මහ බැංකු අධිපති ලෙස ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා අත්සන් තැබිය යුතු බවද ඔහු සඳහන් කළේය.
රුපියල් බිලියන දෙසීයක් මුදල් අලූතෙන් අච්චු ගසා ඇතැයි පවසන අය ඒ ආකාරයේ එක මුදල් නෝට්ටුවක් හෝ පෙන්වන ලෙස තමන් අභියෝග කරන බවද ඔහු සඳහන් කළේය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
කෙසේ වෙතත් ආණ්ඩුව රුපියල් බිලියන 200 ක මුදලක් අච්චු ගසා ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහමහතාද පසුගියදා මාධ්‍යට ප්‍රකාශ කරන ලදී.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි