Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අසපුවේ බවුන් වැඩු බව කියන වෙනත් පුරුෂයෙකුගේ බිරිදක් වෙනුවෙන් සැමියා සමග ගුටි කෙළගත් බව පැවසෙන භික්ෂුවක් මාධ්‍යයටත් තග දාලා

‘බවුන් වඩමින් සිටි බිරිඳ රැගෙන යෑමට ආ සැමියාට හිමිවරුන්ගෙන් ප්‍රහාරයක්’ මැයෙන් පළවූ පුවතක් දෙරණ රූපවාහිනි නාළිකාවේ ‘දෙරණ අරුණ’ වැඩසටහනින් ප්‍රකාශ කළැයි මාධ්‍යවේදී නීතිඥ සංඛ අමරජිත් මහතාට අහංගම, තිත්තගල්ල මෙත් බෝ සෙවන භාවනා අසපුවේ නායක හිමි බව කියන තිත්තගල්ලේ ආනන්දසිරි නම් භික්ෂුවක් විසින් තර්ජනය කර ඇති බව වාර්තා වෙනවා.

ඊයේ (30 වැනිදා) උදෑසන දෙරණ අරුණ වැඩසටහන නිමාවූ පසු ජංගම දුරකථන අංක දෙකකින් කතා කර තමන් ආනන්දසිරි හිමියන් බව කියමින් සංඛ අමරජිත්ට තර්ජනය කර ‘කන්න හදන්න එපා’ යනුවෙන් බැණවැදී ඇති බවයි වාර්තාවන්නේ.

‘ඔයා ඉන්නේ පත්තරවල පච කෙළින්නද’ අසමින් සංඛ අමරජිත් වෙත දිගින් දිගටම බැණ වදිද්දී ‘ඔබ වහන්සේ හාමුදුරු කෙනෙක් විදියට කතා කරන්නැයි’ මාධ්‍යවේදී සංඛ අමරජිත් මහතා පවසා තිබෙනවා.

‘නටන්න හදන්න එපා’ යනුවෙන් තමා ඇමතු අදාළ පුද්ගලයා තමන්ට බැණ වදින්නට වූයෙන් එහිදී තමන් ජංගම දුරකථන ඇමතුම විසන්ධි කළ බවයි මාධ්‍යවේදී සංඛ අමරජිත් මහතා සඳහන් කරන්නේ.

මෙම තිත්තගල්ල මෙත් බෝ සෙවණ අසපුවේ භාවනා කිරීම සඳහා බව පවසමින් එම ස්ථානයට පැමිණ එහි රැඳී සිටි සිය බිරිඳ නැවත රැගෙන යෑමට පැමිණි ක්‍රිෂාන් චතුරංග නැමති පුද්ගලයෙකුට සහ ඔහුගේ සොයුරෙකුට අදාළ අසපුවේ භාවනානුයෝගීව වැඩ වසන බව කියන ශ්‍රමණ වේශධාරී කල්ලියක් විසින් පහරදීමක් සිදුකර ඇති අතර ඔහු පැමිණි මෝටර් රථයට ද අලාභ හානි සිදු කර ඇති බව එම පුද්ගලයා විසින් අහංගම පොලිසිය වෙත පසුගිය 28 වැනිදා පැමිණිල්ලක් ද සිදු කර තිබෙනවා.

මීට පෙර ද අහංගම නගරයට එක්වූ ප්‍රදේශවාසීන් කඩ සාප්පු වසාදමා මෙම ආගමික ස්ථානයට එරෙහිව විරෝධතාවක් ද සිදුකරනු ලැබුවේ ප්‍රදේශයේ විහාරස්ථානවල නායක හිමිවරුන් ඇතුළු සංඝරත්නයේ ද සහාය ඇතිවයි.

එමෙන්ම බුදු දහමට අපහාස වන අයුරින් තංගල්ල කාල්ටන් මන්දිරයේ ධර්ම දේශනයක් පැවැත්වූ බව චෝදනා කරමින් පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් නඩුවක්ද පවරනු ලැබුවේ ද මෙම අසපුවේ නායක හිමි බව කියන තිත්තගල්ලේ ආනන්දසිරි නම් භික්ෂුවට එරෙහිවයි.

බුදු දහම විකෘති කළ බවට චෝදනා එල්ල වූ අදාළ ධර්ම දේශනාව පහළින්..

About The Author