පැතිර යන කෝවිඩ් අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන අලුත්ගම , ධර්ගා නගරය , සහ බේරුවල යන නගරවල ව්‍යාපාරික ස්ථාන වසා තැබීමට කළ නියෝගය දෙදිනකින් පසු ඉවත්කර යළි ඊයේ (04) දින සිට එම නගර තුනේ වෙළඳසැල් විවෘත කිරීමට අවසර ලබා දීමට කටයුතු කළ බව අලුත්ගම සහ බේරුවල පොලිසිය පවසනවා.
මෙම නගර තුනේ වෙළඳසැල් 500කට ආසන්න සංඛ්‍යාවක් මැයි මස 2,3 දෙදින වසා තැබූ අතර වෙළෙඳ ප්‍රජාව, බේරුවල නගරාධිපතිවරයා , පොලිස් නිලධාරින් හා රාජ්‍ය නිලධාරීන් එක්ව බේරුවල නගර සභා පරිශ්‍රයේ දී කළ සාකච්ඡාවකින් පසුව ගත් තීරණයක් අනුව යළි මෙම වෙළඳ සැල් විවෘත කිරීමට කළුතර දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා අවසර දුන් බව බේරුවල නගර සභාවේ නගරාධිපති මසාහිම් මොහොමඩ් මහතා සඳහන් කරනවා.
ඒ අනුව දෙදිනක් වසා දමා තිබූ අලුත්ගම , බේරුවල, සහ දර්ගා නගරයේ වෙළඳසල් සියල්ල සහ අලුත්ගම නගරයේ වසා දමා තිබූ රජයේ බලපත් හිමි රටබීම වෙළඳසැල් යළි විවෘත කිරීමට අවසර ලබාදී ඇති බව බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් තහවුරු කර තිබෙනවා.
© Lanka C news – අලුත්ගම තුසිත කුමාර ද සිල්වා


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට