ගෝලීය සෞඛ්‍යයට තර්ජනයක් බවට පත් ව ඇති කොවිඩ් වෛරසය සමඟ ලොව දිගින් දිගටම දැඩි සටනක යෙදී සිටින අතරතුර, තවත් නව හිසරදයක් අලුතින් ඉපදී ඇති බව පෙනේ. ලැම්ඩා යනුවෙන් හැඳින්වෙන මෙම ප්‍රභේදය විද්‍යාත්මකව C.37 ලෙස හැඳින්වෙන අතර එහි ඇති භයානකකම පිළිබඳ මේ වන විට ලෝක සෞඛ්‍යය සංවිධානය අනතුරු අඟවමින් සිටියි. ලැම්ඩා ප්‍රභේදය මින් පෙර දී සොයාගන්නා ලද ප්‍රභේද පමණට ම හෝ එයටත් වඩා හානිකර වන අතර, කොවිඩ් විකෘතිතාවල හත්වන ප්‍රභේදය බවට පත් වී ඇත.
පසුගිය වසරේ දී පේරු රාජ්‍යය තුළින් ප්‍රථම වරට හඳුනාගන්නා ලද ලැම්ඩා ප්‍රභේදය මේ වන විට ලොව පුරා රටවල් 25කට අධික සංඛ්‍යාවක් පුරා ගමන් කර ඇති අතර එහි නවතම ආසාදිතයින් පිරිස වාර්තා වන්නේ කැනඩාවෙනි. චිලී, ආර්ජන්ටිනාව, පේරු, ඉක්වදෝරය, බ්‍රසීලය සහ කොලොම්බියාව මෙන් ම එක්සත් ජනපදය, කැනඩාව, ජර්මනිය, ස්පාඤ්ඤය, ඊශ්‍රායලය, ප්‍රංශය, එක්සත් රාජධානිය සහ සිම්බාබ්වේ වැනි රටවල් තුළ ද මෙම සී 37 ප්‍රභේදයේ බොහෝ අවස්ථා දැක ඇති අතර එම තත්ත්වය මැඬ පැවැත්වීම සඳහා එන්නතක් නිපදවීමට පර්යේෂකයෝ උත්සාහ දරමින් සිටිති. කෙසේ වෙතත් මේ වන විට පෙනී ගොස් තිබෙනුයේ නව ලැම්ඩා ප්‍රභේදය කිසිදු එන්නතකට ආණ්ඩු මට්ටු කළ නොහැකි බව යි.
සෞඛ්‍ය විශේෂඥයින් සහ වෛද්‍ය වෘත්තිකයන් කිහිප දෙනෙකු ම ලැම්ඩා ප්‍රභේදය පිළිබඳ සිය කනස්සල්ල පළ කර ඇත්තේ එය මින් පෙර හඳුනා ගත් කොවිඩ් ප්රභේදයන්ට වඩා ඉක්මණින් සම්ප්‍රේෂණය විය හැකි බැවිනි. එහෙයින් පසුගියබජුනි මස 14 වන දින ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එය ඉතා ශීඝ්‍රයෙන් බෝ වන, භයානක ප්‍රභේදයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර ලොව පුරා රටවල් වෙත මේ පිළිබඳ උපදේශන නිකුත් කිරීම දිගින් දිගටම කරගෙන යමින් සිටියි.
ජුනි මස මැද භාගයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියේ, සම්ප්‍රේෂණය වීමේ විභවතාව වැඩි කිරීමටත්, ශරීරය තුළ නිපදවෙන ස්වාභාවික ප්‍රතිදේහ උදාසීන කිරීමටත් හැකියාව ඇති බවට සැක සහිත ෆීනෝටයිපික් විකෘතිතා ගණනාවක් ලැම්ඩා ප්‍රභේදය තුළ අඩංගු වන බවයි. තව ද මෙම විකෘතිතාවයේ ස්වභාවය පිළිබඳ වඩාත් අවබෝධ කර ගැනීම සඳහා වැඩිදුර පර්යේෂණ සිදු කිරීම අවශ්‍ය බව ඔවුන්ගේ අදහස යි. ෆයිසර් එන්නතෙහි නිෂ්පාදකයින් පවසන්නේ ලැම්ඩා ප්‍රභේදය විසින් අධික ලෙස සම්ප්‍රේෂණය කළ හැකි ඩෙල්ටා වැනි ප්‍රභේද ඉලක්ක කර ගැනීම සඳහා කොවිඩ් බූස්ටරයක් නිපදවන බව යි. ලැම්ඩා කොවිඩ් වෛරසයේ පැතිරීම වැඩිවීමත් සමඟ එයට මුහුණ දෙන රටවල ජනතාවට නිවසින් එළියට බසින විට පමණක් නොව, නිවෙස් තුළ සිටිය දී පවා මුඛ ආවරණ පැලඳ සිටීමට සිදු වී තිබේ.
ලැම්ඩා ප්‍රභේදයේ රෝග ලක්ෂණ ද කැස්ස, අධික උණ, රසය හෝ සුවඳ නොදැනීම, ශරීර වේදනාව සහ හුස්ම ගැනීමේ අපහසුතාව වැනි සාමාන්‍ය කොවිඩ් රෝග ලක්ෂණ ම බව පෙනේ. එහෙයින් තමාට වැළඳී ඇත්තේ කුමන ප්‍රභේදය ද යන්න සොයා බැලීම සඳහා විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ගැනීම වැදගත් ය.
ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අනෙකුත් මහජන සෞඛ්‍ය ආයතන මෙම ප්‍රභේදය වෛරසයේ අනෙකුත් වික්‍රියා සමඟ සැසඳෙන ආකාරය තේරුම් ගැනීමට උත්සාහ කරමින් සිටියි. මේ වන විට සොයා ගෙන ඇති විද්‍යාත්මක දත්තවලින් හෙළි වී ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදයට සාපේක්ෂව ලැම්ඩා ස්පයික් ප්‍රෝටීන තුළ විකෘතිතා 7ක් ඇති බව යි. දැනට සොයාගෙන තිබෙන එන්නත් ප්‍රතිදේහ කිසිවක් ලැම්ඩා ප්‍රභේදයට එරෙහිව සටන් කිරීමට තරම් ශක්තිමත් නොවන්නේ එබැවිනි.
විශේෂයෙන් බටහිර රටවල බහුලව එන්නත් කෙරෙන ෆයිසර් – බයෝටෙක්, මෝඩර්නා හෝ ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රාසෙනෙකා වැනි එන්නත් සඳහා මෙහි බලපෑම කුමක්දැයි සොයා බැලිය යුතු ව ඇත. එසේ වුවත් චිලී, බ්‍රසීලය සහ පේරු වැනි රාජ්‍යයන් බටහිර එන්නත් පිළිබඳ කිසිදු විශ්වාසයක් නොතබව බව පෙනේ. එම ජනතාව සම්පූර්ණයෙන් ම පාහේ රැඳෙන්නේ සිනෝවැක් හා සිනෝෆාර්ම් යන චීන එන්නත් මත ය. කෙසේ වෙතත්, එන්නත්වල ඵලදායීතාව පිළිබඳ ස්ථිර නිගමනයකට එළඹීමට තරම් සාක්ෂි ඇත්තේ අල්ප වශයෙනි.
ශ්‍රීනි ලංකා ජයකොඩි
අත නොහැර කියවන තැන
ආර්තවහරණය පිළිබඳ මිථ්‍යාවන් හතක් !
කොළඹ විශ්වවිද්‍යාලය තට්ටය මට්ටු කරමින් තෙලක් බෙදයි
ඉදිරි දශකය ජයගත හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සමාජ විද්‍යාත්මක කථිකාවක්