Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අල ගෙඩියට වෙන වැඩේ – බදු සමගින් මිල නැගේ ?

ආනයනික අර්තාපල් සඳහා අය කරන විශේෂ භාණ්ඩ බද්ද අද (26) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝවකට රුපියල් 50.00 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අර්තාපල් වගා අස්වැන්න නෙලීම ආරම්භ කිරීම සහ මෙවර සුවිශාල අස්වැන්නක් අපේක්ෂා කරන බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි ජනාධිපති කාර්යාලය නිවේදනය කළ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

පසු සටහන…

සාමාන්‍යයෙන් දේශීය අර්තාපල් ගොවියා ආරක්ෂා කිරීමට බව පවසමින් වෙළඳපොලේ ආනයනික අර්තාපල් මිල ඉහළ නැංවීම සිදු කිරීමට රජය පියවර ගන්නා අතර සාමාන්‍යයෙන් එහිදී සිදුවන්නේ අර්තාපල් ආනයනය අධෛර්යට පත් කිරීම නොව වෙළඳ පොලේ ඇති දේශීය සහ ආනයනික යන අර්තාපල් සියල්ලෙහි මිල ඉහළ යාමයි.

එහි බර බහුතර පාරිභෝගික ජනහ්ව පිට පැටවෙන අතර අවසන් ප්‍රතිඵලය වන්නේ දේශීය අර්තාපල් වලට සාපේක්ෂව ආනයනික අර්තාපල්වල මිල අඩුවීම වන අතර පාරිභෝගිකයින් වැඩි පිරිසක් මිලෙන් අඩු ආනයනික අර්තාපල් මිලදී ගැනීමට පෙළඹීමයි.

කෙසේ වෙතත් මෙම ප්‍රයෝගික ගැටලුව දෙසද අවධානය යොමු කරමින් රජය කටයුතු කළහොත් ඉන් වෙළඳ ප්‍රජාවට මෙන්ම පාරිභෝගික ප්‍රජාවටද වඩා වාසි දායක තත්වයක් නිර්මාණය වනු ඇති.

About The Author