භික්‍ෂූන් වහන්සේ නමක් දඹුල්ල නගරයේ ආර්ථික මධ්‍යස්ථානය අසල A9 මාර්ගයේ මැද වාඩි වූ විරෝධතාවක නිරත වුණා.
උන්වහන්සේ දිඹුලාගල ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන මාතලේ ශාසනරතන හිමියන් බව පසුව හෙළි වුණා.
මහා මාර්ගය මැද වාඩි වූ උන්වහන්සේ උස්හඬින් කියා සිටියේ ‘රට වහනවානම් කඩ අරිනවානම්, සල්ලි ගනුදෙනු වෙනවානම් මෙහෙම වහලා වැඩක් නෑ රට අරින්න, කොරෝනා මොන බොරුවක් ද ? කොරෝනා නෙමෙයි මූ රට විකුණනවනේ, ඌට මෙතෙන්ට එන්න කියන්න. මේ රටේ පුරවැසි භාවයක් නැති #$ලා , ඌ බුරන විදියට අපිට බුරන්න බෑ , අරිනවනම් රට අරින්න කියන්න, අයියල මල්ලිලට භාර දුන්නේ රට හදන්න. මම බය නෑ එකෙක්ටවත් ’ යන්නයි.
එහිදී උන්වහන්සේ ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කර ඇති බවද වාර්තාවනවා.
මෙම ස්ථානයට පැමිණි දඹුල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් උන්වහන්සේ එම ස්ථානයෙන් ඉවත් කිරීමට උත්සහ කළද එම උත්සාහය ව්‍යර්ථ වී තිබෙනවා.
අනතුරුව දඹුල්ල මහනගර සභාවේ නගරාධිපතිවරයා පැමිණ කරුණු විමාසා සිටි අතර ජනපති කාර්යාලයේ පුද්ගලයකු සම්බන්ධ කිරීමට පොරොන්දු වී උන්වහන්සේ නගර සභාව වෙත කැඳවා ගෙන ගොස් තිබෙනවා.
අනතුරුව නගර සභාවේදි දුරකතනයෙන් ජනාධිපති කාර්යාලයේ ලේකම්වරයකුට කතා කිරිමේ අවස්ථාව ලැබුණු බවත් පසුව අත්අඩංගුවට නොගන්නා බව පවසමින් ප‍්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා තමන් වහන්සේ පොලිසිය වෙත රැඟෙන ගිය බවත් උන්වහන්සේ පවසා තිබෙනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට