අයෝටා සුළි කුණාටුව වඩ වඩාත් ශක්තිමත් වෙමින් මධ්‍යම ඇමරිකාව දෙසට යන බව පෙනේ. කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවා සිටින්නේ මෙම විනාශකාරී සුළඟ හේතුවෙන් නුදුරු අනාගතයේ දී ම ජීවිත තර්ජන එල්ල වනු ඇති බව යි.
එක්සත් ජනපදයේ ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය (එන්.එච්.සී.) පවසන්නේ එය පැයට සැතපුම් 155 (පැයට කි.මී. 245) වේගයෙන් හමන සුළි කුණාටුවක් බවයි.
අයෝටා සුළි කුණාටුව හෙට අනිද්දා දිනයන් වන විට ඊසානදිග නිකරගුවාව සහ නැගෙනහිර හොන්ඩුරාස් යන ප්‍රදේශවල ද නායයෑම් සිදු කරනු ඇතැයි පුරෝකථනය කර ඇත.
නායයෑමට පෙර අයෝටා පස්වන කාණ්ඩයේ සුළි කුණාටුවක් බවට පත්විය හැකි බව එන්.එච්.සී. ආයතනය පවසයි. එය සැෆීර් – සිම්සන් සුළං ශක්ති පරිමාණයේ ඉහළම අගයයි.


අත නොහැර කියවන තැන
තායිවාන මුහුදු සීමාවේ චීන යුද අභ්‍යාසයක්
ට්‍රම්ප් පරිපාලනයෙන් හදිසි තීරණයක්: ශ්‍රී ලංකා තානාපති ඇතුළු 30ක් යළි කැඳවයි
උතුරු කැරොලිනාවෙන් වාර්තාවන හද කම්පා කරවන ගුවන් අනතුර