ගිනිකොනදිග කසකස්තානයෙන් ගිනි කන්දක් මතු වී තිබේ.
හදිසියේ මතු වූවක් යැයි සැලකෙන මෙම ගිනි කන්ද සැබැවින් ම අයිස් කන්දක් ද? නැතහොත් ගිනි කන්දක් ද? යන්න සිතා ගත නොහැකි ව බලධාරීන් සිටිනුයේ ගැටලුවකට මුහුණ දෙමිනි. මන්දයත් ගිනි කන්දක් මෙන් පුපුරා හැලුණ ද, මෙතුවක් එයින් ඉවතට විසි වෙමින් තිබෙනුයේ ලාවා හෝ අළු නොව අයිස් කැට වන හෙයිනි.
එනමුත් මෙම තත්ත්වය ගිනි කන්දේ ම මුල් අවධියක් දැයි සැක කෙරෙන හෙයින් අවට සිටින ජනතාවට ඉවත් ව යන ලෙස රජය දන්වා සිටියි.
බලධාරීන්ගේ කියමන කනකට නොගෙන සිටින ගැමියන් මෙන් ම, දස දිගින් එය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරක ජනතාව ද ගිනි කන්ද අසළ විනෝද වෙමින්, සෙල්ෆි ගසමින් සිටිනු දක්නට ලැබේ.


අත නොහැර කියවන තැන
බස් රථයක් පෙරළී 9ක් මරුට – 30කට වැඩි පිරිසකට තුවාල
හසීනාගේ නඩු තීන්දුව ගැන ඉන්දියාවෙන් නිවේදනයක්
සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු ධවල මන්දිරයේ සංචාරයක