Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අමෙරිකාවට ගිය ලංකාවේ ජනාධිපති යළි නොඑයි : ආවේ වෙන කෙනෙක් – ලංකාවේ දේශපාලනය කැළඹෙයි

තීරණාත්මක හමුවීම් කිහිපයක් සමඟ දේශපාලනයේ වෙනසක්

ජගත් මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවට දිවයින පැමිණ ඇත්තේ හාත්පසින්ම වෙනස් දේශපාලන ගති ලක්ෂණ වලින් යුත් පුද්ගලයෙකු බවට මේ දිනවල අභ්‍යන්තර දේශපාලන කරළියෙහි දැඩි කතාබහට ලක්වනවා.

පසුගියදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ජනාධිපතිවරයාගේ මෙම වෙනස පැහැදිලිවම නිරීක්ෂණය කළ හැකි වූ බව රජයට සම්බන්ධ ප්‍රබල අමාත්‍යවරයකු අප සමග සඳහන් කළා.

එහිදී ජනාධිපතිවරයා විසින් ම තමන් දේශපාලන වශයෙන් එතරම් අත්දැකීම් ලබා නොමැති පුද්ගලයකු බව පවසා ඇති අතර රටේ දේශපාලන තීන්දු තීරණ ගැනීමේදී මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් ලබා ගැනීම වැදගත් බව ද පවසා තිබෙනවා.

සියලු දෙනා ස්වයං විවේචනයකට යාමේ අවශ්‍යතාවය සිදුකොට ඇති ජනාධිපතිවරයා මුලින්ම සිදු කොට තිබෙන්නේ තමා පිළිබඳ ස්වයං විවේචනයක් සිදු කිරීම බවයි අදාළ අමාත්‍යවරයා අප සමග සඳහන් කළේ.

ඒ තමා දේශපාලන පවුලක සාමාජිකයෙකු වුවද තමාට දේශපාලන වශයෙන්ට ඉහළ අත්දැකීම් නොමැති බව පවසමින්.

දේශපාලන කණස්සල්ලක ?

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය හරහා මතුව ඇති වැදගත් කරුණ වන්නේ එතුමන් දේශපාලනික වශයෙන් යම් කනස්සල්ලකින් පසුවීමක් විය හැකි බව ද අදාල ඇමැතිවරයා අප සමග සඳහන් කළා.

ජනාධිපතිවරයාගේ මෙම වෙනස්වීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ ඇමෙරිකාවෙදි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය බිරිඳ සහ එකම පුතණුවන් වන පරිගණක පද්ධති ඉංජිනේරුවරයෙකු ලෙස අමෙරිකාවේ කටයුතු කරන මනෝජ් රාජපක්ෂ මහතා මෙන්ම අලුත උපන් සිය මිණිබිරිය සහ ලේලිය හමුවූ අවස්ථාවේ ඔවුන් අතර ඇතිවූ කතාබහ බවටද දේශපාලන ගොසිප් පුවත් වාර්තා කරුවන් සඳහන් කර තිබෙනවා.

සැබවින්ම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට සිදු වූයේ කුමක්ද?

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වූ ජනාධිපතිවරයා ද්විපාර්ෂික සාකච්ඡා පවත්වා තිබෙන්නේ ද රටවල් දෙකක් අතර පමණක් බවයි වාර්තා වන්නේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට පාලන ක්‍රමවේදය තුළ පැහැදිලි නව්‍යකරණයක් ඇති කිරීමේ බලාපොරොත්තුවෙන් බලයට පත් වුවද වසරක් දෙකක් ගත ව ඇති නමුත් එම ඉලක්ක සාර්ථක ලෙස සාක්ෂාත් කර ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් යම් කනස්සල්ලකින් පසු වන බවට ද ආණ්ඩුවට සමීප පුද්ගලයින් සඳහන් කරනවා.

එමෙන්ම රට තුළ පවතින ක්‍රමවේදය තුළ ඒ සියල්ල නිශ්ඵල වී යාම සහ පවුලේ දේශපාලන වාතාවරණය තුළ ඔහු හුදකලා වීම ද ඔහුගේ මෙම කලකිරීමට බලපා ඇති බව සඳහන්.

පියාගේ දේශපාලන කටයුතු වලට සහ රාජකාරි කටයුතු සඳහා කිසිවිටක ඇඟිලි නොගසන වැදගත් මහත්මා ලක්ෂණ ඇති මනෝජ් රාජපක්ෂ මහතා සිය පියා මුහුණ දෙන අපහසුතාවන් පිළිබඳ දැඩි ලෙස කනසල්ලෙන් අදහස් පළ කර ඇති බවයි වාර්තාවන්නේ.

මේ තත්වය තුළ ජනාධිපතිවරයා දිවයිනට පැමිණි වහාම තම පරිපාලන වගකීම් රැසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාර දීමට උත්සහ කර ඇති බවට ආණ්ඩුවට සමීප ආරංචි මාර්ග හරහා තොරතුරු දැනගන්නට ලැබෙනවා.

දිස්ත්‍රික් ලේකම්වරුන් හදිසියේ කැඳවයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දිවයිනේ සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් අන්තර්ජාලය හරහා රැස්වීමකට කැඳවා තිබූ අතර එහිදී ද ජනාධිපතිවරයා අවධාරණය කර තිබුණේ පසුගිය වසර දෙක අමතක කොට ඉදිරි කාලය සාර්ථක කර ගැනීම සඳහා වේගවත් ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාවය යි.

නව ජවයකින් දිරියට යාමේ ඕනෑකම පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළ කර තිබෙනවා.

ජනපති ඇල්ලේ හිමි බැහැදැකීමට යයි

මේ අතර ජනාධිපතිවරයා පසුගිය සිකුරාදා (08) රාත්‍රියේ හදිසියේම කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව අසල පිහිටා ඇති පුජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමින් වැඩවසන විහාරස්ථානයට ගොස් උන්වහන්සේ බැහැ දැක ඇත්තේ ආරක්ෂක සහ පරිවාර රථ කිසිවක් නොමැතිව සාමාන්‍ය ලෙස ගොස් බවද වාර්තා වනවා.

මෙහිදී ඉතා පුද්ගලික මට්ටමේ සාකච්ඡාවක් පවත්වා ඇති බවටයි තොරතුරු වාර්තාවන්නේ.

දෙමළ ඩයස්පෝරාවට සිදු කළ ආරාධනය සහ දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමේ පොරොන්දුව

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වීම සඳහා මරිකාව බලා පිටත්ව ගිය ජනාධිපතිවරයා දෙමළ ඩයස්පෝරාවේ නියෝජිතයින් සඳහා සාකච්ඡාවකට ආරාධනා කර තිබෙනවා.

එමෙන්ම ට අතහැර ගිය දෙමළ ජනතාවට නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ද ජනපතිවරයා විසින් ආරාධනා කිරීම විශේෂත්වයක්.

මීට අමතරව ඇමරිකානු සංචාරය නිමවා දිවයිනට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය විදේශ කටයුතු ලේකම් වරයා අතර හමුවක් සිදු වුයේ ජනාධිපතිවරයා ගේ පුද්ගලික නිවසේදීයි.

එහිදී තුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ක්‍රියාත්මක පළාත් සභා ක්‍රමයේ අඩුපාඩු නිවැරදි කොට ශක්තිමත් කිරීම සඳහා ඉන්දීය විදේශ කටයුතු ලේකම් වරයා සිදුකළ ඉල්ලීමට ජනාධිපතිවරයා එකඟතාවය පළ කළ බවටයි වාර්තා වන්නේ.

සජිත්ට කළ ආරාධනය

ජනපතිවරයා විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අමතා රටේ උන්නතිය වෙනුවෙන් සියලු පක්ෂ පාට භේද දුරලා කාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාවය සිහිපත් කර තිබෙන්නේ ද මේ අතරතුරයි.

‍ප්‍රේමදාස මහතාද ඊට සාධනීය ප්‍රතිචාර දක්වා තිබෙනවා.

එමෙන්ම දැනට සිර ගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ජනාධිපති පොදු සමාවක් යටතේ ඉදිරි දින කිහිපය තුළ නිදහස් කිරීමට බොහෝදුරට ඉඩ ඇති බවද කරුණු වාර්තාවන්නේ මේ අතරතුරයි.

සර්වපාක්ෂික පාලන යාන්ත්‍රණයක්

කොරෝනා වසංගතය සහ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් මතුව ඇති බරපතළ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සර්ව පාක්ෂික පාලන යාන්ත්‍රණයක් නිර්මාණය කිරීම පිළිබඳව ද මේ වන විට අභ්‍යන්තර දේශපාලනයෙහි කතාබහක් නිර්මාණය වී ඇති බව විශ්වාසවන්ත ආරංචි මාර්ග අප වෙත සඳහන් කළා.

මේ සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, හිටපු කථානායක කරු ජයසූරිය, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යන මහත්ම මහත්මීන්ට මේ වන විටත් ආරාධනාවන් සිදුව ඇති බවට ද තොරතුරු දැන ගන්නට ලැබී තිබෙනවා.

නමුත් මේ පිළිබඳව අවසන් එකඟතාවයකට මෙතෙක් පැමිණ නැහැ.

ජනාධිපතිතුමන්ගේ මෙම වෙනස පිළිබඳ පුද්ගලික අදහස් හෝ මතවාද නිර්මාණය කිරීමට කිසිවෙකු කටයුතු නොකළ යුතු බව අපගේ විශ්වාසය වන නමුත් මෙම වෙනස පිළිබඳ මේ වන විට දේශපාලන අභ්‍යන්තරය තුළ දැඩි උණුසුමක් නිර්මාණය වී තිබෙනවා.

බොහෝ දෙනකු පවසන්නේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවට නැවත ශ්‍රී ලංකාවට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන භාවිතයෙහි පැහැදිලි වෙනසක් දක්නට ඇති බවයි.

කෙසේ නමුත් ඉදිරියේදී සියලු දෙනා එක්වී රටේ අනාගතය වෙනුවෙන් යහපත් මැදිහත්වීමක් සිදු කරනු ඇති බව සියල්ලන්ගේම බලාපොරොත්තුව වී තිබෙනවා.

About The Author