නාරාහේන්පිට අභයාරාමයේ පසුගියදා පැවති දැනට ඉතිරිව ඇති කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත එන්නත් කිරීමේ වැඩසටහන අනුමත සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනුමත කර නොමැති බව එම අමාත්‍යාංශය පවසනවා.
එන්නත ඉල්ලා විශාල පිරිසක් අභයාරාමයට රැස්ව සිටි බවට වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ(30) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවසුවාය.
එහිදී විහාරස්ථානයෙන් පිටත විශාල ලෙස රැස් වූ ජනතාව අතර කොරෝනා වෛරසය පැතිරීමේ අවදානමක් පැවති බවත් එහිදී ඇය පැවසුවා.
එහි ප්‍රතිඵලයක් ලෙස එම තත්වය පාලනය කිරීමට ජනතාවට එන්නත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එන්නත් කිහිපයක් යවා ඇති බව ද සඳහන් කළ අමාත්‍යවරිය මේ වන විට ඉතිරි කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ප්‍රමාණය වකුගඩු රෝගීන් සහ පිළිකා රෝගීන් සඳහා වෙන් කර ඇති බව අවධාරණය කළා.
වාර්තාවලට අනුව, විහාරයෙන් ලබාගත් ලැයිස්තුවක් මත පදනම්ව ඇස්ට්‍රාසෙනෙකා කෝවිෂීල්ඩ් එන්නතෙහි දෙවන මාත්‍රාව ඊයේ (30) නාරහෙන්පිට අභයාරාම පන්සලේදී ලබාදීමට කටයුතු කර තිබුණු අතර එහිදී භික්ෂූන් ඇතුළු කිහිප දෙනෙකුට අදාළ එන්නතේ දෙවන මාත්‍රාව ලැබී තිබු බවයි වාර්තාවන්නේ.
සමහර අයට ඇතුළුවීමට ඉඩ ලබා නොදීම හේතුවෙන් විහාරස්ථානය අසල උණුසුම් වාතාවරණයක් නිර්මාණය වුණා.
පන්සලේ දායකයන්ට ලබා නොදී පන්සලේ වැඩසිටින හිමිනම විසින් දුරකථන ඇමතුම් ලබා දී දේශපාලන බලය ඇති ඇතැම් පිරිස් සහ ඔවුන්ගේ සහයකයින් ගෙන්වා ගෙන එන්නත ලබා දෙන බවටයි රැස්ව සිටි සමහරු චෝදනා කළේ.
© මුලාශ්‍රය – Daily Mirror


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට