යුද හමුදා මුලස්ථානය චීනයේ ෂැංග්‍රිලා හෝටලයට විකුණන විට එයට ඉඩදී බලා සිටීමෙන්තමන් ඇතුළු සියලු දෙනා විශාල වරදක් කර ඇති බව සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
එහි ප්‍රතිඵලය ලෙස වත්මන් පාලකයින් විසින් නාවික හමුදා මුලස්ථානය, ගුවන් හමුදා මුලස්ථානය, පොලිස් මුලස්ථානය ඇතුළු රටේ සියලු සංවේදී මර්මස්ථාන සහ රාජ්‍ය දේපල පිටරටට විකුණා දමන තැනට පත්ව ඇති බව රණවක මහතා සඳහන් කළේ වෙබ් මාධ්‍යවේදීන් සමඟ පසුගියදා (13) අන්තර්ජාලය ඔස්සේ පැවති විශේෂ සක්ච්ඡාවකට එක් වෙමින්.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා පෙන්වා සදහන් කළේ තමා නියෝජනය කරන විපක්ෂ කණ්ඩායම තුළද “ෂැංග්‍රිලා සීනි හොරා” සමගින් වැඩ කරමින් , ප්‍රතිලාභ ලබාගනිමින් කටයුතු කරන පිරිසක් සිටින බවයි.
මෙය ඉතා අවාසනාවන්ත තත්වයක් බව පවසන රණවක මහතා ඩීල් කාරයින්ගෙන් තොර ජවසම්පන්න විපක්ෂයක අවශ්‍යතාවයද මතු කරනු ලැබුවා.
රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමේ සුදානම පිළිබඳව ද අදහස් පළකළ පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේ ආර් සම්පන්දන් මහතාට පසුව පාර්ලිමේන්තුව තුළ සිටින හසල අත්දැකීම් ඇති එකම දේශපාලන නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බවයි.
රනිල් වික්‍රමසිංහ මහතාගේ හොඳ නරක දෙක තුනම ඇති බව පැවසු පාඨලී රණවක මහතා පෙන්වා දුන්නේ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු පැමිණියද විපක්ෂනායක ධුරය මේ වන විට දරන්නේ සජිත් ප්‍රේමදාස මහතා විසින් වන බවයි.
කවුරුන් කුමන තනතුරු දැරුවද ජාවාරම් කාර ඩීල් දේශපාලය පරාජයට පත් කොට සමස්ත ක්‍රමයේ වෙනස්කමක් නිර්මාණය කිරීම වෙනුවෙන් තමන් මැදිහත්ව කටයුතු කරන බවද රණවක මහතා මෙහිදී අවධාරණය කරනු ලැබුවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට