Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අපේ ජන බලේ අය රතන හිමි හට සාංඝික කළ මන්ත්‍රී පුටුව ඉල්ලයි : පක්ෂයෙනුත් දොට්ට දමයි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මන්ත්‍රී ධුරයට සූදානම් !

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට පත්ව සිටින අතුරලියේ රතන හිමි උන්වහන්සේ නියෝජනය කරන අපේ ජන බල පක්‍ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් කර තිබෙනවා.

එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය හා මධ්‍යම කාරක සභාව රැස්වී රතන හිමි ඉවත් කිරීමේ තීන්දුව ගෙන ඇත්තේ උන්වහන්සේ වෙත එල්ල වූ චෝදනා හතරකට වැරදිකරු බවට තීරණය කරමින් වීම විශේෂත්වයක්.

පක්ෂයෙන් නෙරපීමේ තීන්දුව අද(15) දිනම මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර ඇති බව ද පැවසෙනවා.

ඒ අනුව සිය පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් කරන ලද රතන හිමියන් මන්ත්‍රි ධුරයෙන්ද ඉවත් කර දමන ලෙස අපේ ජන බල පක්ෂය විසින් මැතිවරණ කොමිසමට දැනුම් දී තිබෙනවා.

පසුගිය මහ මැතිවරණයේ දී සිංහල බෞද්ධ ජනයා නියෝජනය කරන බව පවසමින් මැතිවරණ සටනට අවතීර්ණ වූ අපේ ජන බල පක්ෂය සඳහා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්, අතුරලියේ රතන හිමියන් මෙන්ම, පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ද එක්ව තරග වැදුණා.

එම පක්ෂයට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි වූ අතර ඒ භාර ගැනීම සඳහා පක්ෂය තුළ පාතාල මැදිහත් වීම් ද සිදු කරමින් බරපතල අර්බුදයක් නිර්මාණය වුණු බවට මාධ්‍ය ඔස්සේ කරුණු හෙළිවුණා.

අවසානයේ අදාළ එකම ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය කොටස් වශයෙන් දැරීමේ එකඟත්වය මත මුල් අවස්ථාවේ එය අතුරලියේ රත්න හිමියන් විසින් භාරගනු ලැබුවේ මාස 6කට පසුව එය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ට ලබාදෙන බවට වූ පොරොන්දුව මත බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් අදාල කාලය ගත වීමෙන් අනතුරුව පොරොන්දු වූ පරිදි අදාල මන්ත්‍රීධුරයෙන් රතන හිමියන් ඉවත් වී ඒ සඳහා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අවස්ථාව සලසා දිය යුතු වුවත් මන්ත්‍රී රතන හිමියන් එම පොරොන්දුව ඉටු නොකිරීමෙන් ක්ෂය අභ්‍යන්තරයෙහි බරපතළ ගැටුමක් හටගෙන තිබුණා.

මෙම මන්ත්‍රීධුර ගැටලුව සම්බන්ධයෙන් පසුගිය ජුනි මස 10 වෙනිදා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පළ කළ අදහසයි මේ..

About The Author