රට ගැන සිතා තීන්දු තීරණ ගනිමින් රට ගොඩ ගත හැක්කේ රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් බව අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කරනවා.
ඒ පසුගියදා(23) මන්ත්‍රී ධූරයේ දිවුරුම් දුන් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අභයාරාම විහාරස්ථානයට ගොස් උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදී අදහස් පළකරමින්.
යහපාලන රජය පරාජයට පත් කොට නව පාලකයන් නිර්මාණය කිරීම සඳහා තමන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මුල් තැන ගෙන කටයුතු කළ බව සඳහන් කළ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් තමන් වහන්සේලා පත් කළ නායකයා පිළිබඳ ජනතාව මේ වන විට තමන් වහන්සේලාගෙන් ප්‍රශ්න කර සිටින බවද සඳහන් කළා.
කවුරුන් කුමක් කීවද රට ගොඩනැගිය හැකි එකම නායකත්වය වික්‍රමසිංහ මහතා සතු බවත්, මේ අවස්ථාවේදී රටේ ජනතාවගේ බලාපොරොත්තුව එතුමන්ගේ බුද්ධිය භාවිත කොට රට වෙනුවෙන් වැදගත් තීන්දූ තීරණ ගැනීම බවත් පෙන්වා දුන් උන්වහන්සේ මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ශරීරය සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන හිස එකිනෙක සම්බන්ධකොට රටට වැඩදායී අනාගතයක් නිර්මාණය කිරීම තමන් වහන්සේලා එදා සිටම බලාපොරොත්තු වූ දෙයක් බවද සඳහන් කළා.
මේ අවස්ථාව වන විට කැබිනට් මණ්ඩලයේ සියලු දෙනා ප්‍රාණ ඇපකරුවන් බවට පත්ව ඇති බව පෙන්වා දුන් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් එම තත්ත්වය තුළ ඔවුන් ජනතාවගේ ප්‍රශ්න පිළිබඳ කතා නොකොට තමන්ගේ පුද්ගලික ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරමින් සිටින බව ද සඳහන් කළා.
මෙම සියලු කාරණා පිළිබඳ සැලකිල්ලට ගනිමින් රට ගැන හිතන්න පුළුවන් මනසක් ඇති නායකයෙකු වන රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන පක්ෂ පාට බේද නොසලකා රටේ උන්නතිය වෙනුවෙන් කැප වනු දැකීම සියලු දෙනාගේ බලාපොරොත්තුව බව ද උන්වහන්සේ සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ මහතා රට වෙනුවෙන් සිදු කළ සේවාවන් කිහිපයක් පිළිබඳ අගය කරමින් වීම විශේෂත්වයක්.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට