Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අපිට ප්‍රයිවට් බිස්නස් වලට කතා කරන්න එපා – Astra Zeneca සමාගම ලංකාවට දැනුම් දෙයි

රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති ප්‍රසන්න ගුණසේන මහතා විසින් ඇස්ට්‍රසෙනෙකා එන්නත් නිපදවන සමාගමේ නිල ඒජන්සියක් ලංකාවේ පිහිටුවීම සඳහා මෙරට පුද්ගලික අංශයට ලබාදෙන ලෙස ඉල්ලමින් සිංගප්පූරුවේ පිහිටි ඇස්ට්‍රසෙනෙකා ආසියානු කලාපීය කාර්යාලයෙන් කරන ලද ඉල්ලීමකට අදාළ සමාගම විසින් පිළිතුරු ඒවා තිබෙනවා.

පසුගිය මැයි 18 වෙනිදා එවන ලද එම පිළිතුරු ලිපියෙන් ඇස්ට්‍රසෙනෙකා සමාගම කියා ඇත්තේ ඇස්ට්‍රසෙනෙකා එන්නත ලංකාවේ අලෙවි කිරීම සඳහා ලංකාවේ විවිධ පුද්ගලික සමාගම් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවටද සම්බන්ධ වෙමින් කටයුතු කරමින් සිටින බව තමන් දන්නා බවයි.

තම සමාගම හැකි ඉක්මනින් කොරෝනා වසංගතය නිමා කිරීම වෙනුවෙන් ඒ ඒ රටවල රජයන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය සමග පමණක් ක්‍රියා කරනවා විනා දැනට කිසිදු පුද්ගලික සමාගමක් සමග ඇස්ට්‍රසෙනෙකා එන්නත විකිණීමට හෝ බෙදා හැරීමට කටයුතු නොකරන බවද දන්වා ඒවා තිබෙනවා.

ඇස්ට්‍රසෙනෙකා සමාගමේ ආසියානු කලාපයේ රාජ්‍ය සමග කටයුතු කරන සහකාර අධ්‍යක්ෂ ජැස්පර් මේන්ස් මහතා විසින් මෙම ලිපිය යොමුකර තිබෙනවා.

ඇස්ට්‍රසෙනෙකා සමාගම විසින් තමන්ට එන්නත සපයා ඇතැයි කිසියම් පුද්ගලික වෙළෙන්දෙක් හෝ වෙළඳ සමාගමක් හෝ කියන්නේ නම් එය පිටුපස යම් කිසි වංචනික ක්‍රියාවක් ඇති බව මේ අනුව තහවුරු වනවා.

ඇස්ට්‍රසෙනෙකා එන්නත ලංකාවට ලබා ගත හැක්කේ කොවැක්ස් වැඩ සටහන හරහා හෝ යුනිසෙෆ් ආයතනය හරහා හෝ ඔවුන්ගේ හවුල්කරුවෙක් වන ඉන්දියාවේ ඇස්ට්‍රසෙනෙකා එන්නත නිපදවන සීරම් ආයතනය හරහා පමණක් බවද ඇස්ට්‍රසෙනෙකා සමාගමේ සිංගප්පූරු කලාපීය සහකාර අධ්‍යක්ෂවරයා සිය ලිපිය මගින් වැඩිදුරටත් දන්වා ඒවා තිබෙනවා.

අදාළ ලිපිය..

About The Author