ශ්‍රී ලංකාවේ රණවිරුවන් LTTE සංවිධානය සමඟ සටන් වැදුනේ මනුෂ්‍යත්වය ජයග්‍රණය කරවීම වෙනුවෙන් බව හිටපු යුධ හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.
යුධ විජයග්රහණයට වසර 12 ක් සපිරෙන අද (19) දිනයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු මේ බව සඳහන් කිරීම විශේෂත්වයක්.
යුධ ජයග්‍රණය වෙනුවෙන් රණවිරුවන්ට ආශීර්වාද එක්කළ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මෙන්ම, එවකට ආරක්ෂක ලේකම් ධුරය දැරූ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද කෘතවේදීව සිහිපත් කරමින් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පෙන්වා දුන්නේ LTTE සංවිධානය දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටි කණ්ඩායමක් බව මවා පෑමට ඇතැම් දේශපාලකයින් දරන උත්සාහය විහිළුවක් බවයි.
අද මේ මොහොත වන විට උතුරේ මෙන්ම දකුණේ ජනතාව සමගියෙන් ජීවත් වන්නේ වීරෝධාර රණ විරුවන් සිදුකළ අපරිමිත කැප කිරීම් නිසා බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට