Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අපි කියන හතර දෙනා නිදහස් කරන්න නැත්නම් ප්‍රහාරයකට සුදානම් වන්න – කටුනායක ගුවන්තොටුපොළට පණිවිඩයක්

රාජ්‍ය ආයතනවලට පහර දෙන බවටත් අනතුරු ඇඟවීමක්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ආරක්ෂාව දැඩි කර තිබෙනවා.

ප්‍රහාර එල්ල කරන බව දැනුම්දෙමින් ලැබුණු ඊ-මේල් පණිවුඩයක් හේතුවෙන්.

ද මෝනිං පුවත්පතට අනුව, ගුවන් තොටුපල රාජකාරි කළමණාකරු රුවන් ප්‍රියදර්ශන මහතා තහවුරු කර ඇත්තේ මෙම තර්ජනය එල්ල වුවද, ගුවන් තොටුපලෙහි මෙහෙයුම් කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන බවයි.

මේ සම්බන්ධයෙන් තමන් අදාළ අංශ වෙත දැනුම් දී ඇති බව සඳහන් කරමින් ඔහු කියා සිටියේ මේ වන විට ගුවන් මෙහෙයුම් සාමාන්‍ය පරිදි සිදු කරමින් පවතින බවයි.

මෙම කරුණ රාජ්‍ය බුද්ධි සේවාව (SIS) යටතට ගැනෙන හෙයින් වැඩිදුර තොරතුරු හෙළි කළ නොහැකි බවද ඔහු සඳහන් කර තිබෙනවා.

ගුවන් තොටුපළට ප්‍රහාරයක් එල්ල කරන බවට තර්ජනය කරමින් ගුවන් තොටුපලෙහි නිල වෙබ් අඩවිය වෙත විද්‍යුත් තැපෑලක් ලැබී ඇති බවට තොරතුරු මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබුණා.

මෙම පණිවිඩය මෙරටට යොමුකර ඇත්තේ බංග්ලාදේශ හමුදාවට අයත් ආයතනයක වෙබ් අඩවියකට හැකර් ප්‍රහාරයක් එල්ල කර ඒ මගින් බවද හෙළිවී තිබෙනවා.

සැප්තැම්බර් 20 දා කටුනායක ගුවන්තොටුපොළට සහ රාජ්‍ය ආයතන කීපයකට පහර දෙන බව එම පණිවිඩයෙහි අන්තර්ගත වූ බවයි පැවසෙන්නේ.

පුද්ගලයින් සිව් දෙනෙකු නිදහස් කිරීමට කටයුතු නොකළහොත් මෙම ප්‍රහාරය සිදු කරන බව අදාළ පණිවිඩය ඔස්සේ දැනුම් දී ඇති බව ද වාර්තා වනවා.

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් හිමිගේ අනාවරණය

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එහි මහ මොළකරුවන් සොයා දඬුවම් ලබාදීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් රජය චෝදනා එල්ල වන අවස්ථාවක බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පසුගියදා විශේෂ අනාවරණයක් කළා.

එහිදී උන්වහන්සේ සඳහන් කළේ පාස්කු ප්‍රහාරය මෙන් තවත් ප්‍රහාරයක් නුදුරේදීම එල්ලවීමේ අවධානමක් පවතින බවයි.

ඒ බව සඳහන් කරමින් උන්වහන්සේ ජනපතිවරයා ද ලිපියක්ද යොමුකර තිබුණා.

කෙසේවෙතත් ජාතික ආරක්ෂාව අභියෝගයක් වී ඇති බව හැඟවෙන සිදුවීමක් සම්බන්ධයෙන් උන්වහන්සේ පළකළ අදහස් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ ආරක්ෂක අංශ උන්වහන්සේ කැඳවා තොරතුරු ලබා ගත් බවක් මේ දක්වා වාර්තා වූයේ නැහැ.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම සහ කටුනායක ගුවන්තොටුපල ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයකට ප්‍රහාර එල්ල කරන බවට ලද පණිවිඩය සහ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිදුකළ ප්‍රකාශය අතර සබඳතාවක් තිබේ දැයි යන්න පිළිබඳ අවධානය යොමු කළ යුතුව තිබෙනවා.

About The Author