Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අධ්‍යාපන ලේකම් හොර පාරෙන් ළමයි දාලා : ජාතික පාසල්වලට විදුහල්පතිවරුන් පත් කිරීමේත් ගැටළුවක් පිළිබද චෝදනා : ලේකම් පුටුව වෙනස් වීමට ආසන්නයේ

කරුණු සොයා බැලීමට ජනපති නියම කරයි

විධිමත් පටිපාටියෙන් බැහැරව 06 ශ්‍රේණිය සඳහා සිසුන් දෙදෙනෙකු ඇතුලත් කිරීමට අනුමත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරාට චෝදනා එල්ල වනවා.

ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන්ගේ අවස්ථා උදුරාගෙන

කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ 06 ශ්‍රේණියට සහ හලාවත ආනන්ද ජාතික පාසැලේ 06 ශ්‍රේණියට සිසුවියන් දෙදෙනෙකු ඇතුලත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා අදාළ පාසැල්වල විදුහල්පතිවරුන් වෙත ලිපි නිකුත් කර ඇති බවටයි චෝදනා එල්ල වන්නේ. 

සාමාන්‍ය පටිපාටියට අනුව 05, 06 ශ්‍රේණිවලට එලෙස සිසුන් ඇතුලත් කිරීමට අධ්‍යාපන ලේකම්වරයාට හෝ බලයක් නොමැති බවයි අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රයේ නිලධාරීන් පෙන්වා දෙන්නේ.

05 ශ්‍රේණියේදී ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සහ 06 ශ්‍රේණියේදී ශිෂ්‍යත්ව විභාග කඩඉම් ලකුණු අනුව පාසැල්වලට සිසුන් ඇතුලත් කිරීම ඊට හේතුවී තිබෙනවා. 

හලාවත ආනන්ද ජාතික පාසැලේ 06 ශ්‍රේණියට ඇතුලත් කිරීමේ කඩඉම් ලකුණ 181 ක් වනවා. එම පාසැලට සිසුවියක් ඇතුලත් කර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා අනුමැතිය ලබාදී ඇත්තේ ශිෂ්‍යත්ව විභාගයේදී ලකුණු 180 බැගින් ලබාගත් සිසුන් 36 දෙනෙකු පොරොත්තු ලේඛනයේ රැඳී සිටියදීයි. 

කුරණෑගල මලියදේව බාලිකා විදයාලයේ හය වන ශ්‍රේණියට ශිෂ්‍යාවන් බඳවා ගන්නා කඩඉම් ලකුණ 191 ක් වනවා. එම පාසැලේ 06 ශ්‍රේණියට ඇතුලත් වීම සඳහා ලකුණු 190 බැගින් ලබා ගත් සිසුවියන් 42 දෙදෙනෙකු පොරොත්තු ලේඛණයේ රැදී සිටින බවයි වාර්තා වුණේ. 

ඒ අනුව අධ්‍යාපන ලේකම්වරයාගේ අදාළ කටයුත්ත හේතුවෙන් ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන්ගේ අවස්ථා අහිමි වී තිබෙනවා.

ජාතික පාසල් වලට විදුහල්පතිවරුන් පත් කිරීමේදීත් ගැටළුවක්

ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් පත්කිරීමේදී යම් බලපෑම් සිදුවී ඇත්දැයි සොයාබලන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අධ්‍යාපන ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා මහතාට උපදෙස් ලබා දී ඇති බව ද දැනගන්නට ලැබෙනවා.

ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් පත්කිරීමේ දී සම්මුඛ පරීක්ෂණ අවස්ථාවේ දී හා ඉන්පසුව සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට හෝ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවට අනීතික හෝ අනිසි ලෙස බලපෑමක් සිදුව ඇත්දැයි සොයාබලා කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා විසින් මෙලෙස උපදෙස් ලබා දී ඇති බවයි.

ළඟදීම අධ්‍යාපන ලේකම්ට මාරුවක්

කෙසේවෙතත් නුදුරු දිනකදීම අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට සැලසුමක් පවතින බවට අප වෙත තොරතුරු වාර්තා වී තිබෙනවා.

ඒ වෙනුවට පත් කිරීමට නියමිත නව අධ්‍යාපන ලේකම්වරයා පිළිබඳව මේ වන විටත් සාකච්ඡාවක් පවතින බවට ද තොරතුරු වාර්තාවනවා.

About The Author