අත්‍යාවශ්‍ය සේවා පිළිබඳ විමසීම් සඳහා ‘‘1965’’ අංක දරන විශේෂ දුරකතන අංකයක් රජය විසින් හදුන්වා දී තිබෙනවා.
මෙම 1965 දරන විශේෂ දුකරතන අංකය අද සිට කි‍්‍රයාත්මක වන බව ආර්ථික පුනර්ජීවනය හා දර්ද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය පවසනවා.
මෙය පැය 24 පුරාම කි‍්‍රයාත්මක වන අතර මහජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සම්බන්ධයෙන් වන තොරතුරු එම අංකය ඔස්සේ ලබා ගත හැකි බව ද එම බලකාය සදහන් කරනවා.
මුඵ දිවයිනටම බල පැවැත්වෙන පරිදි සංචරණ සීමා පනවා ඇති මෙවන් අවස්ථාවක ජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය සේවා නොඅඩුව ලබා දීම සඳහා මෙම දුරකතන සේවාව කි‍්‍රයාත්මකව ඇති අතර එමගින් මහජනතාවට අපහසුතාවකින් තොරව භාණ්ඩ ලබා ගැනීම සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමේ හැකියාවද පවතින බවයි ආර්ථික පුනර්ජීවනය හා දර්ද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය සනදහන් කරන්නේ.
‘‘1965’’ මෙම විශේෂ දුරකතන අංකය කොව්ඞ් 19 වයිරස තත්ත්වය හේතුවෙන් පනවා ඇති සංචරණ සීමා පැනවෙන අවස්ථාවලදී කි‍්‍රයාත්මක වනු ඇති.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට