පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර වීමෙන් අනතුරුව ආපසු සිය නිවස වෙත පිටව ගොස් තිබේ.
රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මන්ත්‍රීවරයා මුදා හැර තිබේ.
ඒ, ඔහු කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාගේ මහරගම පිහිටි නිල නිවසට පැමිණීමෙන් අනතුරුව ය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අද රාත්‍රී 8.00ට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර වන ලෙස අභියාචනාධිකරණය අද (ජූනි 9) නියෝග කළේ ය.
තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණය මෙම නියෝගය ලබා දුන්නේ ය.
ගාලු මුවදොර විරෝධතාකරුවන්ට මැයි 9 වන දා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඊයේ (ජූනි 8) වරෙන්තුවක් ද නිකුත් කර තිබිණි.
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහි නඩු විභාගය සඳහා ඔහු ලබන බදාදා දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු වේ.
ඊට අමතරව, ඔහු ඉදිරිපත් කළ රිට් පෙත්සම් විභාගය ලබන 21 වන දා ආරම්භ කිරීමට නියමිත ය.
කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා 2015 ට පෙර රාජපක්ෂ පාලන සමයේදී නීතිවිරෝධී ලෙස අලි පැටවුන් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් යහපාලන රජය සමයේ අධිකරණය විසින්ම වැඩ තහනමට ලක්කර සිටි අතර වත්මන් රජය බලයට පත්වීමෙන් පසු අධිකරණය විසින් ඔහු අදාළ චෝදනාවලින් නිදොස් කොට යළි සේවයේ පිහිටවනු ලැබුවා.
© මව්බිම
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට