Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අගමැති, ඇමති කියූ දේ මායිම් නොකර CID ය ලංකාදීපය ඇතුළු මාධ්‍ය ආයතන වලට ගිහිල්ලා

පණිවිඩකරුවන් දඩයම් කිරීම අනුමත කරන්නේ නැහැ – ඇමති ජොන්ස්ටන් කියයි

දූෂණයක් වංචාවක් සිදුව ඇත්නම් ඒ පිළිබඳව සොයා වැරදි කළ අයට දඬුවම් කිරීම වෙනුවට පණිවුඩකරුවන් දඩයම් කරන්නාක් මෙන්  දූෂණ හෙළිකළ මාධ්‍යවේදීන්ට හිරිහැර කරන්නට යාම කිසිවිටකත් අනුමත කළ නොහැකි බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

වත්මන් ආණ්ඩුව මාධ්‍යවේදීන්ට හිරිහැර කරන ආණ්ඩුවක් නොවන බව ද සඳහන් කරන ප්‍රනාන්දු මහතා පවසන්නේ මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න නොකරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මෙන්ම, මහජන ආරක්‍ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබියදීත් එහි නිලධාරීන් ලංකාදීප පුවත්පත් ආයතනය ඇතුළු මාධ්‍ය ආයතන වෙත යාම ගැටලුවක් බවයි.

කෙසේ වෙතත් මාධ්‍ය ඔස්සේ අනාවරණය කළ දූෂණ වංචා පිළිබඳව විමර්ශනයක් පවත්වා වරදකරුවන්ට දඬුවම් ලබාදිය යුතු බව ද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අවධාරණය කළා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහාමාර්ග අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී අද (30) පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. 

About The Author