Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

VIP හෙළිකොප්ටර් බැස්සවීමට කතරගම පුදබිමේ කුඹුක්, මී ඇතුළු රූස්ස ගස් රැසක් කපා දාලා

ජනපති , අගමැති ඇතුළු ලොකු ලොක්කන් කතරගම පුද බිමට පැමිණෙන අවස්ථාවන් වලදී හෙලිකොප්ටර් යානා ගොඩබැස්සවීම සඳහා යොදාගන්නා අංගනය අවහිර වන බව පවසමින් කතරගම පුදබිම අවට සහ මැණික් ගඟ දෙපස තිබු දැවැන්ත කුඹුක් ගස්, මී ගස් ඇතුළු ගස් රැසක් කපා දමා ඇති බව වාර්තාවනවා.

මේ හේතුවෙන් එහි පැමිණෙන බැතිමතුන් සහ ප්‍රදේශවාසීන් මේ වනවිට දුෂ්කරතාවයට පත්ව ඇති බවයි පැවසෙන්නේ.

ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ ඉන් ප්‍රදේශයේ පවතින ජල මූලාශ්‍රවලට ද අහිතකර බලපෑමක් ඇති වියහැකි බවයි.

මෙම විශාල කුඹුක් සහ මී ගස් පුදබිමට පැමිණෙන බැතිමතුන්ට සෙවණක් සලසා දීමට අමතරව ජල මුලාශ්‍ර පිරිසිදු කරමින් ප්‍රදේශයේ ජෛව සමතුලිතත්වය පවත්වා ගැනීමට ද විශාල කාර්යභාරයක් ඉටු කල බවයි ප්‍රදේශයේ ජනතාව පෙන්වා දෙන්නේ.

පසුගිය දිනවල කපා ඉවත්කළ ගස්වල අතු විධිමත්ව ඉවත් නොකිරීමෙන් මැණික් ගඟද අද වනවිට අපවිත්‍ර වී ඇති බවද සඳහන්.

About The Author