කොරෝනා වෛරසය පාලනය සඳහා රුසියානු Sputnik එන්නතේ එක් මාත්‍රාවක් පමණකින් වුව සෑහීමකට පත් විය හැකි බව එම සමාගම විසින් වාර්තා කර තිබෙනවා.
ඒ අනුව එම එන්නතේ පලමු මාත්‍රාව පමණක් Sputnik lite ලෙස හඳුන්වමින් තනි මාත්‍රාවේ එන්නතක් නිකුත් කිරීමටද පියවර ගෙන ඇති අතර පලස්තීනය විසින් ඒ සඳහා අනුමැතියක්ද ලබා දී ඇත්තේ තමන්ගේ රටතුළ අදාළ එන්නත භාවිතයට ගැනීම සඳහායි.
2020 දෙසැම්බර් 5 සිට 2021 අප්‍රේල් 15 දක්වා වූ සිදු කළ එන්නත් කිරීමේ වැඩසටහන අතරතුර දෙවන එන්නත ලබා නොගෙන තනි එන්නතකින් එන්නත් කරන ලද රුසියානුවන්ගෙන් ලබා ගත් දත්ත ඇසුරින් මෙම පරීක්ෂණය සිදු කරන ලද බවයි එම ආයතනා පවසන්නේ.
ඒ අනුව එහි කාර්යක්ෂමතා මට්ටම 80% ට ආසන්න බව හෙළිව තිබෙනවා.
එමෙන්ම අදාළ එන්නතක මිල අසන්න වශයෙන් ඩොලර් 10ක පමණ අගයක් ගන්නා බැවින් එය බොහො රටවලට අස්වැසිල්ලක් වනු ඇති බවද අදාළ වෙබ් අඩවියේ සඳහන් කර තිබෙනවා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට