Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

Port City / වරාය නගර ව්‍යාපෘතිය පිටුපස ඉන්නේ රනිල් – දඹර අමිල හිමි හෙළිකරයි

මේ වන විට රට තුළ දැඩි ආන්දෝලනයක් ඇති කිරීමට සමත්ව ඇති කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිටුපස සිටිනේ එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව පුජ්‍ය දඹර අමිල හිමියන් පවසනවා.

වසර එක එක හමාරකට අසන්න කාලයක් නිහඬව සිටි උන්වහන්සේ පසුගිය 19 වෙනිදා එම නිහැඩියාව බිඳිමින් මාධ්‍ය හමුවක් පවත්වනු ලැබූ අතර අනතුරුව උන්වහන්සේ සහභාගී වූ ප්‍රථම සම්මුඛ සාකච්ඡා වැඩසටහන සමගින් Mee Massoo TV සමග එක් වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දඹර අමිල හිමියන් පැවසුවේ 2001 වසරේ එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ Regraring SriLanka (යළි පුබුදමු ශ්‍රී ලංකා) වැඩසටහනට එරෙහිව තමන්වහන්සේ නැගී සිටි බවයි.

කෙසේ නමුත් එදා රනිල් වික්‍රමසිංහ මහතා කළ දේ හරි හැටි අවබෝධ කර ගැනීමට තියා ඒ ගැන සිතා ගැනීමටවත් වත්මන් ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට නොහැකි වී අතින් බවද උන්වහස්සේ පෙන්වා දෙනවා.

2005 වසරේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා බවට පත් කිරීමේ කාර්ය භාරය තුළ විශාල භූමිකාවකට තමන් වහන්සේ විසින් පණ පෙවූ බවයි උන්වහන්සේ මෙහිදී සඳහන් කළේ.

වසර එකහමාරකට ආසන්න කාලයක් නිහඩව සිටි උන්වහන්සේ මෙලෙස හදිසියේම නැවත මාධ්‍ය හමුවලට සහභාගී වෙමින් සක්‍රීය දේශපාලන මතවාදීමය කාර්යට නැවත සම්බන්ධ වීමට බලපෑ විශේෂ හේතු කිහිපයක් ද උන්වහන්සේ මෙහිදී හෙළිකළා.

About The Author