රටක් එකතැන පල්විය යුතු නැති බවත් වාණිජමය වශයෙන් ඉදිරියට යා යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර ඇති බෞද්ධ උපදේශක සභාවේ භික්ෂුන් වහන්සේ පැවසු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.
පසුගියදා (23) පස්වරුවේ 10 වැනි වතාවට ජනාධිපති කාර්යාලයේ දී මෙම සභාව රැස්වූ බවත් එහිදී කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ව්‍යාපෘතිය ගැන දීර්ඝව කරුණු දක්වමින් ආර්ථිකයට සහ රටට ලැබෙන ප්‍රතිලාභ පැහැදිළි කර දුන්දු බවත්න්නේ දක්වන ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ එම පැහැදිලි කිරීමෙන් අනතුරුව උන්වහන්සේ එම ව්‍යාපෘතියට ආශිර්වාද කළ බවයි.
භූමි ප්‍රමාණය පුළුල් කර නව ආයෝජන අවස්ථා සඳහා දොරටු විවරවීම රටක් ලෙස අත්කරගන්නා ජයග්‍රහණයක් බවත් වැරදි මත පතුරවමින් සියල්ලට එරෙහි වනවා වෙනුවට ජාතියක් ලෙස නැගී සිටීමට එක් විය යුතු බවත්ය උන්වහන්සේ එහිදී අවධරණය කර ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
එපමණක් නොව අදාළ ව්‍යාපෘතිය පිළිබඳව ජනතාවට නිවැරදි අවබෝධයක් ලබා දී ඊට සහය ගත යුතු බව උන්වහන්සේ අවධාරණය කර තිබෙනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට