කොළඹ වරාය නගරයේ ඡායාරූප ගැනීමට සහ වීඩියෝ කිරීමට අවස්ථාව ලබාදෙමින් ඒ සඳහා වන ගාස්තු කොළඹ වරාය නගර සමාගම ප්‍රසිද්ධ කර තිබෙනවා.
මෙහිදී පෞද්ගලික සහ ව්‍යාපාර ලෙස කාණ්ඩ දෙකක් යටතේ ගාස්තු අයකරන බවත් පෞද්ගලික කාණ්ඩයේ පුද්ගලයන් දෙකේ සිට පහක උපරිමයට රුපියල් 30,000 ක් ද,
පුද්ගලයන් 06 සිට 10 කට රුපියල් 50,000 ක් ද, පුද්ගලයන් 10 කට වැඩිනම් ගාස්තුව වෙනස් වන බවත් වරාය නගර සමාගම පවසන බවයි වාර්තා වන්නේ.
ව්‍යාපාරික කාණ්ඩයේ පුද්ගලයන් 10 කට අඩු නම් රුපියල් ලක්‍ෂයක් ද, පුද්ගලයන් 10 කට වැඩි නම් ගාස්තුව වෙනස් වන බවත් මෙම කාණ්ඩ දෙකටම එක අවස්ථාවකදී පැය තුනක කාලයක් හිමිවන බවත් එම සමාගම වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.
© ලංකාදීප


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට