PCR පරීක්ෂණය සිදු කරන අවස්ථාවේදී ශරීරගත වෛරස් ප්‍රමාණය මූලික අවධියේ පැවතිය හොත් එම අවස්ථාවේ සිදු කරන PCR පරීක්ෂණයේ සහ IgM ප්‍රතිදේහ පරීක්ෂණයේ ප්‍රතිඵලය ඍණාත්මක වීමට ඇති ඉඩකඩ ඉහළ සම්භාවිතාවක පවතින බව නවලෝක රෝහල පෙන්වා දෙනවා.
එමෙන්ම කෝවිඞ් වෛරසය හඳුනාගැනීම සඳහා සිදු කරන PCR පරීක්ෂණ වල ප්‍රතිඵල මෙලෙස වෛරසයේ වර්ධන අවස්ථාවේදී සිදු කිරීමේදී ඍණාත්මක ප්‍රතිඵලයක් ලැබීම සාමාන්‍ය තත්වයක් බවද එය ලොව ඕනෑම තැනක සිදු වූවද ප්‍රතිඵලය මීට සමාන විය හැකි බවද නවලෝක රෝහල් සමූහය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ චීන තානාපති කාර්යාලය නිකුත් කර ඇති නිවේදනයකට ප්‍රතිචාර දක්වමින්.
නවලෝක රෝහල හරහා සිදුකරන ලද PCR සහ IgM anti-body පරීක්ෂණ වල ප්‍රතිඵල සාවද්‍ය බව තහවුරු වීමෙන් පසු අදාළ රෝහලෙන් සේවා ලබා ගැනීම නවතා දැමු බව චීන තානාපති කාර්යාලය සිය වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කර තිබෙනවා.
චීන තානාපති කාර්යාලය නිවේදනය කරන්නේ අදාළ රෝහල හරහා PCR සහ IgM anti-body පරීක්ෂණ සිදු කොට අදාළ ප්‍රතිඵල කොරෝනා අසාදිත නොවන බව තහවුරු කර තිබූ ගුවන් මගීන් කිහිපදෙනෙකුම චීනයට යාමෙන් පසු එරටදී සිදු කළ පරීක්ෂණ වලදී කොරෝනා ආසදියන් බව හෙළි වී ඇති බවයි.
කෙසේ වෙතත් මේ පිළිබඳව ප්‍රවෘත්තිය අප පළ කිරීමෙන් පසු නවලෝක රෝහල් සමූහය එයට ප්‍රතිචාර දක්වා තිබුණා.
නවලෝක රෝහල් සමූහය විසින් අප වෙත එවන ලද අදාල සම්පුර්ණ ලිපිය පහළින්..

අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට