Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

PCR පරීක්ෂණ අඩාල කර අසාදිතයින් අඩුවී ඇති බව පවසමින් රජය ජනතාව රවටන බවට බරපතල චෝදනාවක් – දත්තවලත් පරස්පරතා

එන්නත්කරණ ක්‍රියාවලියට මුල්තැන දීමට යාමත් සමග රට තුළ PCR පරීක්ෂණ පැවැත්වීමේ ක්‍රියවලිය මේ වන විට අඩාල වී ඇති බව නොරහසක්.

එයට හේතුව වී තිබෙන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩල එන්නත්කරණ වැඩපිළිවෙල සඳහා යොමු වීමයි.

විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කය තුළ මේ තත්වය වැඩි වශයෙන් දැකිය හැකියි.

එමෙන්ම රජය කිසිදු දිනක ආසාදිතයන් වාර්තා වන සංඛ්‍යාව සඳහන් කළද එම සංඛ්‍යාව වාර්තාවන්නේ පුද්ගලයින් කී දෙනෙකු PCR පරීක්ෂණයන්ට ලක් කිරීමෙන්ද යන බවට වන තොරතුරු බොහෝවිට සමාජ ගත කරන්නේ නැහැ.

සැමවිටම එම දත්තය සමාජයෙන් වසන් කරන සෞඛ්‍ය සහ හමුදා බලධාරීන් ඉදිරිපත් කරන අසාර්ථක දත්ත කිසිවකින් රට තුළ මතුව ඇති කොරෝනා අවදානම නිසි අයුරින් හදුනා ගැනීමේ අවස්ථාවද හිතා මතා පුරවැසියන්ට අහිමි කර තිබෙනවා.

කොරෝනා මරණත් වසන් වෙයි

මේ වන විට කොරෝනා අසාදිතයින් බස්රථ තුළ ,මහමග , නිවෙස් තුළ මිය යන වාතාවරණයක සිදුවන කොරෝනා මරණ සංඛ්‍යාව පිළිබඳ නිවැරදි සංඛ්‍යා ලේඛන ඉදිරිපත් නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා.

ඔවුන් සඳහන් කරන්නේ බිම් මට්ටමේ සිදුවන කොරෝනා මරණ ප්‍රධාන තොරතුරු වාර්තාවට ඇතුලත් නොවන බවයි.

රටේ ජනතාව රවටන දේශපාලන බොරු

එවන් වට පිටාවක් තුළ ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරුන් මෙන්ම සෞඛ්‍ය බලධාරීන්ද ජනතාව මුලා කරමින් සිටිනේ මේ වන විට කොරෝනා ආසාදිතයින් වාර්තා ගත ලෙස අඩුවී ඇති බව පවසමින්.

ඒ අනුව ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 458ක්.

වැඩිම ආසාදිතයින් සුපුරුදු ලෙස කොළඹින් වාර්තා වූ නමුත් එය ද 100ට පහළ අගයක් (94) ගැනීම විශේෂත්වයක් ගෙන තිබුණා.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිතයින් වාර්තා වූ දිස්ත්‍රික්ක 24න්ම සියයට වඩා ආසාදිතයින් වාර්තා වීමක් සිදු නොවන බවයි එම දත්ත වාර්තා හෙළිකළේ.

කොළඹ හැරුණු විට ආසාදිතයින් 50ට වඩා වාර්තා වන්නේද ගම්පහ සහ රත්නපුර දිස්ත්‍රික්ක වලින් පමණයි.

මෙම සංඛ්‍යා දත්ත වල ඇති බරපතලම ගැටලුව වන්නේ “අද දිනයේ” යනුවෙන් සඳහන් කරමින් වාර්තා කරන ආසාදිතයන්ට අදාලව PCR පරීක්ෂණ සැබවින්ම සිදු කර තිබෙන්නේ අදාළ දිනයේ නොවීමයි.

මේ හේතුවෙන් දින කිහිපයක් ප්‍රමාද වූ තොරතුරු පවා අවසන් වාර්තා සමඟ මුසුවන බව වර්තාවනවා.

තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 05 දිවයිනට

මේ වන විට ඉන්දියාවේ සිට ලක්ෂ 05 ක එන්නත් තොගයක් අද දිවයිනට රැගෙන විත් තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ ලෝකයේ රටවල් 135ක බිලියන 2.5ක ජනතාව කිසිම එන්නතක් ලබාගත නොහැකිව සිටින තත්වයක මෙරට තුළ එනත්තකරණය ආරම්භ කර තිබීම ශ්‍රී ලංකා ජනතාවගේ වාසනාව බවයි.

එමෙන්ම පසුගිය දින කිහිපය තුළ කොරෝනා රෝගීන් වාර්තාවීමේ අඩුවක් පෙන්නුම් කිරීම සතුටුදායක කාරණයක් බවද වෛද්‍ය සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙහිදී සඳහන් කළා.

සැබවින්ම එන්නත්කරණ වැඩ පිළිවෙල නිසා PCR පරීක්ෂණ පවත්වා රෝගීන් හඳුනාගැනීමේ ක්‍රියාවලිය අඩාල වී ඇති බව ඇය නොදැන සිටීම කණගාටුවට කරුණක්.

මේවන විට බ්‍රිතාන්‍ය තුළ ව්‍යාප්තවන බරපතල අවදානමක් සහිත කොරෝනා වෛරස ප්‍රභේදයද මෙරටින් හමුවී ඇති අවස්ථාවක මෙරට ජනජීවිතය පවතින්නේ බරපතල අවදානම් තත්වයක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් රැසක් අනතුරු ඇඟවීම් සිදු කරනු ලැබුවා.

නමුත් මේ දක්වා රටේ ජනතාව හෝ අදාළ වගකිව යුතු බලධාරීන් කිසිවෙකු ඒ පිළිබද සංවේදී වන බවක් පෙනෙන්නට නොමැති වීම කණගාටුවට කරුණක්.

මේ අතර නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථාන 85ක් තුළ ඇඳන් 12752 සකස් කර ඇති බවයි.

අද සවස 2.00 වන විට එයින් ඇඳන් 5908ක් භාවිතයට ගෙන ඇති බවත් භාවිත කර ඇති දැඩි සත්කාර ඒකක ඇඳන් සංඛ්‍යාව 26ක් බවත් ඔහු සඳහන් කළා.

ඊයේ දිනයේදී PCR පරීක්ෂණ 13714 සිදුකර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

About The Author