ආණ්ඩුවට බරපතල චෝදනාවක්
2002 වසරේදී රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කිරීමට උත්සාහ කළ ‘යළි පුබුදමු ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය වර්තමාන රජය විසින් නැවත ආරම්භ කරමින් ඇතැයි ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරනවා.
අක්කර 20000 ක භූමි ප්‍රමාණයකින් යුත් කන්තලේ සීනි කර්මාන්ත ශාලාව වසර තිහකට ඉන්දියානු සමාගමකට බදු දීමට ආණ්ඩුව සූදානමින් සිටින බව ද මේ වන විට හෙළිව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
එම්.සී.සී. යෝජනාවලියේ සදහන් ව්‍යාපෘති එකින් එක ජනතාව නොමග යවමින් ආණ්ඩුව විසින් හොර රහසේ ක්‍රියාත්මක කිරීමට සැරසෙන බවට සැකයක් මතුව ඇති බවද සංවිධානයේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා සඳහන් කරන්නේ.
2015 වසරේදී අත්සන් කරන ලද ගිවිසුමකට වඩා අවාසිදායක වන ගිවිසුමකට කැබිනට් මණ්ඩලය නැවත අත්සන් කිරීමට අනුමැතිය දී ඇතැයිද එම සංවිධානයේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසනවා.
අග්නිදිග ආසියාවේ විශාලතම මධ්‍යසාර කර්මාන්තශාලාව මෙරට ස්ථාපිත කිරීමේ අරමුණ ඇතිව මෙම කර්මාන්ත ශාලාව ඉන්දීය සමාගමට බදු දීමට ආණ්ඩුව පියවර ගෙන ඇති බවද ඔහු චෝදනා කරනවා.
මෙම එකගතාවය මත කන්තලේ ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතුවලට ජලය ලබා දුන් කන්තලේ ජලාශයේ ජලය ද ඉන්දියානු සමාගමට ලබාදීමට ආණ්ඩුව එකඟ වී ඇති බවද ඔහු තවදුරටත් පවසනවා.
ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි