Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

Lock Down එකකට යාමට යහපාලන රජය හරස් වෙයි

කොරෝනා රෝගය සීග්‍ර ව්‍යාප්තියක් පෙන්වමින් ඇති මොහොහොතක රට වසා දැමීමට නොහැකි වී ඇත්තේ යහපාලන රජය නිසා බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරනවා.

කොරෝනා පළමු රැල්ල අවස්ථාවේදී ලෝකයේ බොහෝ රටවල් අනුගමනය කළ ක්‍රමවේදය වූ රට ලොක්ඩවුන් කිරීම බවත් එවැනි තත්වයකට යළිත් යාමට තරම් ශ්‍රී ලංකාවට ආර්ථික ශක්තියක් නොමැති බවත් සම කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඒ අද (11) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගිවෙමින්.

නමුත් පසුගිය වසරේදී මාස 03 කට ආසන්න කාලයක් රට වසා දමා කොවිඩ් වසංගතය පාලන කිරීමට ආණ්ඩුව සමත් වූ බවද ගම්මන්පිල ඇමතිවරයා පවසනවා.

2015 සිට පැවති යහපාලන රජය සමයේදී දැවැන්ත ලෙස ආර්ථිකය කඩා වැටී ඇති බවත්, එම වසර 05 කට ආසන්න කාලය තුළදී ඒක පුද්ගල ආදායම වැඩි වී තිබෙන්නේ ඩොලර් 33 කින් පමණක් බවත් පෙන්වා දෙන ගම්මන්පිල මහතා පවසන්නේ එම ආර්ථික පරිහානියේ ප්‍රතිවිපාක අද සමස්ත රටටම විඳින්නට සිදුව ඇති බවයි.

එබැවින් ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වය අනුව සමස්ත රටම lockdown කිරීමේ තීරණයකට එළඹිය නොහැකි බැවින් රට විවෘතව තබා කෙසේ හෝ වසංගතයට මුහුණ දීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි ඔහු පවසන්නේ.

2014 වසර ‍දක්වා ගෙනගිය ආර්ථික සංවර්ධනය ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීමට යහපාලන ආණ්ඩුව සමත් වූයේ නම් වෙනත් රටවල් මෙන් ඕනෑම අවස්ථාවක රට වසාදමා වසංගතයට මුහුණ දීමේ හැකියාව තිබූ බවද උදය ගම්මන්පිල මහතා මෙහි දී සඳහන් කළා.

About The Author