Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

IOC උඩ පනී – තෙල් ඇමතිට ටොකු අනී

පෙට්‍රල් සහ ඩීසල් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට තීරණය කරයි

ඉන්දීය ඔයිල් සමාගම (IOC) විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පෙට්‍රල් ලීටරයක් මිල රුපියල් 05 කින් සහ ඩිසල් ලීටරයක මිල රුපියල් 05 කින් ඉහළ දැමීමට එම සමාගම විසින්ම තීරණය කිරීම විශේෂත්වයක්.

කෙසේ වුවත් සුපර් ඩිසල් සහ Octane 95 පෙට්‍රල් මිල ඉහල නොදැමීමට තීරණය කර ඇති බවද සඳහන්.

ඒ අනුව නව මිල ගණන් –

  • Octane 92 පෙට්‍රල් ලීටරයක් – Rs. 162.00 
  • ඩිසල් ලීටරයක්                       – Rs. 116.00

IOC සමාගම මීට පෙර රුපියල් 15 මිල වැඩි කිරීමක් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටි අතර එයට අවස්ථාවක් නොලැබීම හේතුවෙන් ඔවුන් විසින් මෙම මිල ඉහල දැමීම සිදු කර තිබෙන්නේ රජයේ අවසරයකින් තොරව බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මේ තත්ත්වය මත ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හරහා ක්‍රියාත්මක ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලිය ද අර්බුදයක් බවට පත්වණු ඇතැයි මේ වන විට තොරතුරු වාර්තා වනවා.

එයට හේතුව වී තිබෙන්නේ මේ වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඉන්ධන තොග ද අවසන් වෙමින් පැවතීමයි.

යම් හෙයකින් අඩු මිල යටතේ ජනතාව විසින් වැඩි වශයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හරහා ඉන්ධන බෙදාහැරෙන ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනීමට ගියහොත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඉන්ධන තොග වහා අවසන්වීමත් සමග ඉන්දීය ඔයිල් සමාගමට මෙරට ඉන්ධන බෙදා හැරීමේ ඒකාධිකාරී බලයක් හිමි වීමේ අවදානමක් ඇති බව ද අප වෙත වාර්තා වනවා.

ඉන්පසු ඉන්දීය ඔයිල් සමාගමේ අභිමතය පරිදි මෙරට වෙළදපොලෙහි ඉන්ධන මිල ගණන් තීරණය වීමට බොහෝ දුරට ඉඩ කඩ ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

කෙසේ වෙතත් විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මීට පෙර සඳහන් කළේ ඉන්ධන මිල කිසිවිටෙකත් මේ මොහොතේ ඉහළ නැංවීමට සූදානමක් නොමැති බවයි.

නමුත් අමාත්‍යවරයාගේ ප්‍රකාශය මේ වන විට පුස්සක් බවට පත්ව තිබෙනවා.

About The Author