සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (11) පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදී ඉන්දීය තෙල් සමාගමේ ලාංඡනයට සමාන ලාංඡනයක් සහිත පෝස්ටරයක් වරින් වර ප්‍රදර්ශනය කරනු දැකගත හැකිවිය.
පෝස්ටරයේ එම ලාංඡනයේ “I.O.ස” යනුවෙන් සටහන්ව තිබුණි.
එම ලාංඡනය සහිත පෝස්ටරය මුලින්ම ප්‍රදර්ශනය කළේ සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලීන් බණ්ඩාර ජයමහ මහතාය.
විපක්ෂයේ මන්ත්‍රීවරයකු කතා කරන අවස්ථාවේදී ඔහුට සභාවේ කැමරාව යොමුවන විට එම කැමරාවට හසුවන සේ ඒ පෝස්ටරය ප්‍රදර්ශනය කිරීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කටයුතු කරනු දැකගත හැකිවිය.
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මේ පෝස්ටරය ප්‍රදර්ශනය කළද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඊට කිසිදු බාධාවක් එල්ල නොවීමද විශේෂත්වයක් විය.

අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට