ජාතික ප්‍රතිපත්ති රාමුවකුත් ඕනා
පවතින අර්බුදය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා නොගනිමින් කළමනාකරණය කරගත හැකි බවට පසුගිය කාලයේ දිගින් දිගටම පාරම්බාමින් සිටි ආණ්ඩුව අද වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි පිහිට පැතීමට යොමුවන තත්ත්වයට පත්ව තිබෙනවා.
මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගියදා ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා නොගැනීමෙන් පවතින මූල්‍ය කළමනාකරණය කිරීමේ හැකියාව පවතින බවයි.
කෙසේ වෙතත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි සහාය ලබා ගැනීම සඳහා සාකච්ඡා කරමින් සිටින බවට වාර්තා වනවා.
ඔහු මේ සම්බන්ධයෙන් පසුගියදා විදෙස් මාධ්‍යයට තොරතුරු හෙළිකර තිබුණා.
ලන්ඩන්හි ෆයිනෑන්ෂල් ටයිම්ස් සඟරාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ වසරේ ඩොලර් බිලියන 6.9ක ණය ගෙවීම ඉතා දුෂ්කර බවත් ඖෂධ, අමුද්‍රව්‍ය, ඉන්ධන ඇතුළු සියල්ල සඳහා මුදල් සොයාගැනීමට සිදුවන බවද සදහන් කර තිබුණා.
රනිල් ප්‍රතිචාරය
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහාය ලබා ගැනීමට උත්සහ දැරීම සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද ප්‍රතිචාර දක්වා තිබෙනවා.
ඔහු අවධාරණය කර ඇත්තේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ දරන උත්සාහයට කිසිඳු අකාරයකින් බාධා නොකළ යුතු බවයි.
පසුගියදා පුත්තලමේදී පැවති වැඩසටහනකදී ඔහු මෙම අදහස් පළ කර තිබෙනවා.
ජාතික ප්‍රතිපත්ති රාමුවක් ඕනා
ශ්‍රී ලංකාව මුහුණදී සිටින වත්මන් අර්බුදයෙන් ගොඩඒම සඳහා සියලු දේශපාලන පක්ෂ එක්ව ජාතික ප්‍රතිපත්ති රාමුවක් ගොඩනැගීමේ අවශ්‍යතාවය ද හිටපු අගමැතිවරයා මෙහිදී අවධාරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
රට මෙවැනි ආර්ථික අර්බුදයකට ගිය අවස්ථා තුනකදී, එනම් 1989, 2001 හා 2015 දී තමා IMF සමග සාකච්ජා කොට රටට කිසිඳු ආකාරයෙන් අවාසිදායක නොවන කොන්දේසි යටතේ ආධාර උපකාර ලබාගත් ආකාරය පෙන්වාදී ඇති රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා, යලි රට ගොඩනැගීම සඳහා දිර්ඝකාලින විසඳුමක අවශ්‍යතාවය අවධාරණය කර ඇති බවද සඳහන්.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි