පවතින අරගලය සම්බන්ධයෙන් විසඳුමකට පැමිණීම සඳහා ජනතා අදහස් ඒකරාශී කිරීම වෙනුවෙන් “ගාලුමුවදොර සංදේශය” නමින් සංදේශයක් සකස් කිරීම සඳහා අද පෙරවරුවේ සිට කටයුතු සංවිධානය කර තිබෙනවා.
මේ ඒ සම්බන්ධයෙන් අදාල සංවිධායකයන් විසින් පළ කරන පණිවිඩයයි.
සහෘදයිනි, හෙට උදා වන දිනය ගෝඨාගෝගමට සුවිශේෂී දිනයක් වනු ඇත. මක් නිසා ද යත්, හෙට සිට ගෝඨාගෝගමට මෙතෙක් අඩුවක් ව තිබූ පුරවැසි සභාවක් ලැබෙන බැවිනි.
නීති ආධාර කඳවුර සහ දන්දිනා රාජපක්ෂ අනුස්මරණ පුස්තකාලය අතර පිහිටුවා ඇති රතුපාට හට් එක හෙට දවල් 11 පටන් පුරවැසි ඔබ වෙනුවෙන් විවෘත ව පවතිනු ඇත.
එහිදී ශ්‍රී ලංකාව මුහුණදෙමින් සිටින භයානක ව්‍යසනයෙන් මිදෙන්නේ කෙසේ ද යන්න ගැන ඔබේ අදහස් ලිඛිත ව ලබාදීමට අවස්ථාව සපයනු ඇත. දින පහක් පුරා එක් රැස් කරන එම අදහස්, නැවත විෂය ප්‍රවීණ මණ්ඩලයක් හමුවේ ඉදිරිපත් කර පිළිවෙලකට සැකසීමෙන් පසු ව, “ගාලුමුවදොර සංදේශය” නමින් ජනතාව හමුවට එළිදක්වනු ඇත.


අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්