යුක්තිය පසඳලීම ගැන සමාජයේ විශ්වාසයක් නෑ
කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ CSN නාලිකාව සම්බන්ධ නඩුවේ වර්තමාන සත්‍ය තත්ත්වය කුමක්දැයි විමසමින් නාගරික මන්ත්‍රීවරියක් විසින් 2016 තොරතුරු දැනගැනීමේ පනත යටතේ (RTI) නීතිපතිදෙපාර්තමේන්තුව වෙත තොරතුරු දැනගැනීමේ පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා.
එම නඩුව සම්බන්ධව පොලිසිය විසින් නීතිපති උපදෙස් ඉල්ලා තිබේද නඩුවේ ඉදිරි කටයුතු විභාගවන්නේ කෙසේද යන්න පිළිබඳව සිවිල් හා පුරවැසි ක්‍රියාකාරීන්ට යම් අපැහැදිලිතාවයක් ඇතිව ඇති බව පවසමින් එම RTI පත්‍රීකාව ඉදිරිපත්කර ඇත්තේ කෝට්ටේ නගර සභාවේ නාගරික මන්ත්‍රීනී, ප්‍රියදර්ශනී ආරියරත්න මහත්යයි.
‘යහපාලනය සඳහා කාන්තාවෝ’ සංවිධානයේ කැඳවුම්කාරිනිය ද වන ඇය,ඉහත කී කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන B/9823/15 නඩුව සම්බන්ධව නීතිපති දෙපාර්තමේන්තුව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කරන මෙන් සිය RTI පත්‍රීකාවෙන් ඉල්ලා තිබෙනවා.
නීතිපති දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරී වෙත ඉදිරිපත් කර ඇති අදාළ තොරතුරු ඉල්ලීම මේ මොහොතේ යුක්තිය වෙනුවෙන් පෙනී සිටින පුරවැසි ප්‍රජාවට වඩාත් වැදගත් වන්නේ නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව තොරතුරු දැනගැනීම පුරවැසි අයිතිවාසිකමක් වන නිසාත්, යුක්තිය ක්‍රියාත්මක වීම පමණක් නොව එය ක්‍රියාත්මක වන ආකාරය පෙනෙන්නට තිබීමත් නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් සඳහා අත්‍යවශ්‍ය වන නිසාත් බව ප්‍රියදර්ශනී ආරියරත්න මන්ත්‍රීවරිය පවසනවා.
වර්තමාන රජයට සම්බන්ධ විවිධ පුද්ගලයින් වෙත එල්ලවන චෝදනා සම්බන්ධව මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් සිදුකරන ලද විමර්ශන වලට අදාළව නීතිපති දෙපාර්තමේන්තුව විසින් පවරා තිබූ නඩු ඉල්ලා අස්කර ගැනීම පසුගිය කාලය මුළුල්ලේම නිරීක්ෂණය විය. මෙය නීතියේ ආධිපත්‍ය පිළිබඳව මහජන විශ්වාසය සුරක්ෂිත කිරීමෙහිලා බරපතලව සැලකිය යුතු කරණක් බව පැහැදිලි වන්නක් බැවින් තමා මෙම තීරණය ගත් බවයි මන්ත්‍රීවරිය පවසන්නේ.
එම තත්වය තුළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ධූරය හෙබවූ පසුගිය රජය සමයේ CSN ආයතනය සම්බන්ධව කටයුතු සිදුවූ ආකාරය සහ විශේෂයෙන්ම ඒ හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විකාශන කටයුතු වලදී සිදුකල විශේෂ ලැදියාවන් සහ අක්‍රමිකතා සිදුව ඇති බවට චෝදනා එල්ල වුණා.
ඒ පිළිබඳව මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් විමර්ශන සිදුකරන බවටද පසුගිය යහපාලන රජය සමයේ මාධ්‍ය විසින් වාර්තා කරන ලද අතර කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ B/9823/15 යන අංකය යටතේ CSN නාලිකාව සම්බන්ධව කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් නඩුවක් ගොනුකර තිබෙනවා.
එහෙත් එම නඩුව සම්බන්ධව පොලිසිය විසින් නීතිපති උපදෙස් ඉල්ලා තිබේද නඩුවේ ඉදිරි කටයුතු විභාගවන්නේ කෙසේද යන්න පිළිබඳව සිවිල් හා පුරවැසි ක්‍රියාකාරීන්ට යම් අපැහැදිලිතාවයක් මතුව තිබෙන්නේ මෙම නඩුවද බොහෝ නඩු මෙන් යට ගසනු ඇති බවට සමාජය තුළ මතුව ඇති සැකය නිසා බවද ආරියරත්න මන්ත්‍රීවරිය සඳහන් කරනවා.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි