සුදුළූණු වංචාව සම්බන්ධයෙන් පලකල මාධ්‍ය වාර්තාවක් පිළිබදව සිදුකෙරන විමර්ශනයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වගකීම් විරහිතව සහ නොසැලකිලිමත් ලෙස කටයුතු කර ඇති බව පොලිස් මූලස්ථානයම නිවේදනය කරනවා.
පසුගිය දිනෙක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් බන්දුල ගුණවර්ධන මහතා විසින් සිදුකර ඇති පැමිණිල්ලකට අදාළව මාධ්‍ය ආයතන කිහිපයක කතුවරුන් ඇතුළු මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට එම දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස දන්වා තිබුණා.
පොලීස් මුලස්ථානය නිවේදනය කරන්නේ මෙම තත්ත්වය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය පටිපාටිය නොවන බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන සඳහා යම් මාධ්‍ය ආයතනයක සහය ඉල්ලා සිටි අවස්ථාවලදී එම මාධ්‍ය ආයතන විසින් සහය ලබාදෙන බැවින් පුවත්පත් කතෘවරුන් එම දෙපාර්තමේන්තුව වෙත කැඳවීම සාමාන්‍යයෙන් සිදු නොකෙරෙන බව එම නිවේදනයේ සදහන්.
එම සිදුවීමේදී අපහසුතාවයට පත්වූ පුවත්පත් කතෘවරුන් ඇතුළු මාධ්‍යවේදීන් වෙත කණගාටුව පලකරන බවත් එලෙස වගකීම් විරහිතව, නොසැලකිලිමත් ආකාරයෙන් කටයුතු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධයෙන් පොලිස්පති නියමයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් පොලිස් මූලස්ථානය නිවේදනය කරනවා.



අත නොහැර කියවන තැන
ආණ්ඩුවට එරෙහිව 21 වෙනිදා නුගේගොඩ වෙන්න යන දේ?
අර්බුධය ඉවර කරමින් මෙරටට හාල් තොගයක්…..
නිධන් සෙවු පිරිසක් අත්අඩංගුවට