Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

C I D යේ අර්බුධයක් – අගමැති මහින්ද , ඇමති සරත් වීරසේකර C I D යේ රාජකාරියට ඇඟිලි ගහල ද ?

පරීක්ෂණ සිදු කරන නිලධාරීන්ට ඒවා නතර කරන ලෙස බලපෑම්

C I D යත් අමුතු තාලයේ වැඩක නීති අලුත්කරයි ද ? නවයිද ? කුඩුකරයි ද ? විශ්වාස නැවත ගිලිහෙයි ?

මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශ්වසනීයත්වය පිළිබඳ ජනතාවක් තිබෙන්නේ නම් විශ්වාසයක් නොවේ.

විවිධ දේශපාලන අතපෙවීම් හමුවේ බරපතළ ගණයේ අපරාධ රැසක් නීතියේ රැහැනින් වසන් කොට තබා ගැනීමට උත්සාහ ගත් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට චෝදනා එල්ල වී අවසන්.

යහපාලන රජය සමයේ එවකට වූ ඒකාබද්ධ විපක්ෂය මෙන්ම වර්තමාන විපක්ෂය පමණක් නොව ආණ්ඩු පක්ෂය පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරකම් පිළිබඳ ප්‍රශ්න කිරීමට පටන් ගෙන තිබෙනවා.

මෙම තත්ත්වය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යභාරය පිළිබදව ජනතාවට ඇති විශ්වාසය තවදුරටත් පළුදු වීම වැළැක්විය නොහැකියි.

හදිසි නීතිය පයිසෙකට මායිම් නොගත් සතොසේ සුදුලූනු වංචාව සහ ජාතික තලයේ මාධ්‍ය ආයතන රැසක මාධ්‍ය ප්‍රධානීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම

ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව ලබා දීම මූලික අරමුණු කරගනිමින් ජනපතිවරයා විසින් හදිසි නීතිය පනවා අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් වරයෙකු ද පත්කොට ඇති මොහොතක රජයටම අයත් සතොස ආයතනයේ සිදුවූ සුදුලූනු වංචාව පිළිබඳ මාධ්‍ය ඔස්සේ කරුණු හෙළිදරව් වූයේ ඇමතිවරුන් සම්බන්ධයෙන් ද බරපතළ කුතුහලයක් සමාජය තුළ මතු කරමින්.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙමින් ඉල්ලා ඇත්තේ මේ පිළිබඳව පරීක්ෂණයක් සිදුකරන ලෙසයි.

ඉන් අනතුරුව සිදුව ඇත්තේ සිදුව ඇති මහා පරිමාණ සුදුලූනු වංචාව පිළිබඳ කරුණු විමර්ශනය කිරීම කෙසේ වෙතත් අදාළ සිද්ධිය පිළිබඳ කරුණු වාර්තා කළ ජාතික තලයේ මාධ්‍ය ආයතන කිහිපයකම ප්‍රධානීන් ප්‍රශ්න කිරීමක් සඳහා බව පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීමයි.

පසුගිය කාලයේ දිගින් දිගටම සමාජ මාධ්‍ය ජාලය සහ වෙබ් අඩවි වලට සම්බන්ධ වෙමින් කටයුතු කළ මාධ්‍යවේදීන්, සිවිල් ක්‍රියාකාරීන් සහ සාමාන්‍ය පුරවැසියන් ද ප්‍රශ්න කිරීම සඳහා බව පවසමින් අවස්ථා ගණනාවක දීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවනු දක්නට ලැබුණා.

විපක්ෂය චෝදනා කළේ මෙය පුද්ගලයාගේ මූලික අයිතිවාසිකම් මෙන්ම මාධ්‍යවේදීන් සතු අයිතිවාසිකම් ද බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් සේම පුරවැසියන් බිය ගැන්වීමක් බවයි.

ප්‍රධානතම මාධ්‍ය ආයතන කිහිපයක මාධ්‍ය ප්‍රධානීන් ද ප්‍රශ්න කිරීමක් සඳහා බව පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණේ එවැනි වටපිටාවක් තුළයි.

අගමැති මහින්ද රාජපක්ෂගේ සහ ආණ්ඩුවේ බලපෑම

මෙලෙස නිර්මාණය වූ ආන්දෝලනාත්මක තත්වය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අදාළ කැඳවීම සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ මාධ්‍යවේදීන් දැඩි කැළඹීමකට ලක් වුණා.

එපමණකින් නොනැවතී ඔවුන් මේ සම්බන්ධයෙන් රජයෙන් ප්‍රශ්න කරන තැනටම මෙම කාරණාව ගෙන ආ විට සඳහා හිමි වූයේ අපූරු ප්‍රතිචාරයක්.

ඒ මෙරට ඉතිහාසයේ තවත් සුවිශේෂී කරුණක් ලෙසයි අප දකින්නේ.

මාධ්‍යවේදීන් විසින් මේ පිළිබඳව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගෙන් සෘජුවම කරුණු විමසූ අතර ඔහු සදහන් කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ පිළිබඳව දැනුවත්ව ඇති බවත් කිසිදු ලෙසකින් පුවත්පත් කර්තෘවරුන් හෝ මාධ්‍ය ප්‍රධානීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අදාළ කටයුතු සඳහා ප්‍රශ්න කිරීමට කැඳවීමෙන් වළකින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දැන් වූ බවද ඔහු සඳහන් කළා.

ඉන් නොනැවතී ඩලස් අලහප්පෙරුම මහතා විසින් අදාල කැඳවීම් ලැබූ සියලුම මාධ්‍යවේදීන්ට දැනුම් දී තිබෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අදාල ප්‍රශ්න කිරීම සඳහා සහභාගී නොවන ලෙසයි.

කොතැනක හෝ පටලැවිල්ලක් තිබෙන බවත්, ජනමාධ්‍ය ඇමතිවරයා ලෙසට තමාත් ආණ්ඩුවත් මෙම ක්‍රියාව තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ප්‍රකාශ කළ අලහප්පෙරුම ඇමතිවරයා වැඩි දුරටත් අවධාරණය කළේ මාධ්‍යවේදීන් රහස් පොලිසියට කැඳවා ප්‍රශ්න නොකරන ලෙස අගමැතිවරයා ඉතා පැහැදිලිවම පොලිසිය බාර ඇමති සරත් වීරසේකරට උපදෙස් ලබාදී ඇති බවත් ඔහු නැවත තහවුරු කළා

එළියට ආ ඇත්ත

ජනමාධ්‍ය අමාත්‍යවරයාගේත් රටේ අගමැතිවරයාගේත් මෙම මැදිහත්වීම සාධනීය මැදිහත් වීමක් ලෙස අගය කළ හැකිද? යන ප්‍රශ්නය සබුද්ධික ව අප මතු කළ යුත්තක්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ස්වාධීන ආයතනයක් ලෙස නීතිය ක්‍රියාත්මක කරනු දැකීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලුම ජනතාවගේ බලාපොරොත්තුවයි.

එමෙන්ම එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරීමය වගකීමයි.

තත්ත්වය එසේ නම් අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව කැඳවිය යුතු පුද්ගලයන්, කැඳවීම නොකළ යුතු පුද්ගලයන් හෝ අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන පුද්ගලයන් ඒ සඳහා කැඳවනවා ද නැද්ද යන තීරණය රටේ අගමැතිවරයාට හෝ පොලිසිය භාර ඇමතිවරයාට බලපෑම් කොට නතර කළ හැකිද?

ඩලස් අලහප්පෙරුම මහතා පවසන ආකාරයට එය එලෙස සිදු වනවා නම් රටේ අනෙක් අපරාධ සම්බන්ධයෙන් අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව හරහා සිදුවන පර්යේෂණ වල විශ්වසනීයත්වය සම්බන්ධයෙන් සහ එහිදී පුද්ගලයන් ගෙන් ප්‍රශ්න කරන ආකාරය සම්බන්ධයෙන් විශ්වාසයක් තබා ගත හැකිද?

ඒ සියල්ල දේශපාලන බලපෑම් වලට සහ උවමනාවන් වලට යටත්ව සිදු වන බව ද මතුවන සැකය බැහැර කළ හැකිද?

ආණ්ඩුවට අත පිහි දාගන්න බෑ

පසුගිය කාලය මුළුල්ලේම රට තුළ සිදු වූ බොහෝ කරුණු කාරණා වලදී රටේ විධායකය හා ව්‍යවස්ථාදායකය නිරුත්තරව සිතීම විහිළුවක් තිබෙනවා.

නිරෝධාන ඇඳිරි නීතිය පවතින අතර හදිසියේ සුරා සැල් විවෘත කිරීම පිළිබඳ වගකීම ආණ්ඩුව බාර නොගත්තා සේ රට තුළ සිදුවන මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් තවදුරටත් ආණ්ඩුවට මුනිවත රැකීම හැකියාවක් නැහැ.

ඔවුන් එසේ කරනවා නම් පැහැදිලි වන්නේ මේ සියල්ල පිටුපස අදිසි හස්තයක් ලෙස ඔවුන් කටයුතු කරමින් සිටින බව සහ ජනතා විරෝධතාවය එල්ල වන අවස්ථාවලදී ඔවුන් අදාල කටයුත්තෙන් බැහැරට පැමිණ කිසිවක් නොදන්නා ලෙස හැසිරෙන ආකාරයක් පමණක් බව පැහැදිලියි.

රටක ආණ්ඩුවක් මෙලෙස කටයුතු කරනවා නම් එම රට ගමන් කරන්නේ ‍ නොදියුණු සහ කෛරාටික ගෝත්‍රික සමාජ ක්‍රමයකට බව නම් ඉතා පැහැදිලියි.

එමෙන්ම රටේ පවතින නීති සම්බන්ධයෙන් අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව නිසි අයුරින් දැනුවත්ද නැතිනම් ඔවුන් සිතා මතා එම නීති තමන්ට අවශ්‍ය පරිදි වෙනස්කම් වලට භාජනය කරනවද?

එසේත් නොමැති නම් අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව තුළ ආණ්ඩුව අපහසුතාවයට පත් කරන ආකාරයේ න්‍යාය පත්‍රයක් සහ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වනවාද යන්න අනිවාර්යයෙන්ම සොයා බැලිය යුත්තක්.

About The Author