හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙන අවස්ථාව පිළිබඳ පක්ෂ විපක්ෂ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණා.
රනිල් වික්‍රමසිංහ මහතා සිය මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ද “Thank U” යනුවෙන් ප්‍රකාශ කරමින් සිය කෘතවේදීත්වය පළ කල අතර ඊට ප්‍රතිචාර දක්වමින් කතානායකවරයා “All The Best SIR” යනුවෙන් සුබ පැතුම් එක් කිරීම පිළිබඳ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණා.
මෙරට දේශපාලනය තුළ සහ පාර්ලිමේන්තුව තුළ හසල අත්දැකීම් ඇති රනිල් වික්‍රමසිංහ මහතා 1977 වසරේ සිට මේ දක්වා වසර 44 ක් මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සහ අවස්ථා පහකදී අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කර තිබෙනවා.
වසර 17ක කාලයක් විපක්ෂනායක මෙන්ම සභානායක වැනි තනතුරු හොබව ඇති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදය පිළිබඳ උපාධිධාරියෙක්.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුල සිටින මන්ත්‍රීවරුන් අතුරින් වැඩිම අත්දැකීම් සහිත මන්ත්‍රීවරයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතායි.
මේ හේතුවෙන් පාර්ලිමේන්තුව තුල සිටින සියලුම මන්ත්‍රීවරුන් රනිල් වික්‍රමසිංහ මහතාට අමතන්නේ එම දේශපාලන පරිණත භාවයට සහ ජේෂ්ඨත්වයට ගරු කරමින්.
රනිල් වික්‍රමසිංහ මහතාට කතානායකවරයා සිය සුබ පැතුම් එක් කළ අයුරු..
අත නොහැර කියවන තැන
අරලියගහ මන්දිරයේ භූතයන්ට ආර්යයයාවත් බය වෙලා – ජනාධිපති මන්දිරයේ රජ කුමරෙකුගේ මිනී අළු – මහින්දගේ රාජකීය දෛවඥයා සියල්ල හෙළිකරයි
කතරගම හිඟන ලෝකයට රිංගු ජපුර කොල්ලෝ කෙල්ලෝ සෙට් එක – මහාචාර්ය මයුර සමරකෝන් හෙළිකළ සමාජ පර්යේෂණය
ආර්තවහරණය පිළිබඳ මිථ්‍යාවන් හතක් !