Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඇමති චමල් සහ ගුවන් හමුදාපති ප්‍රතිකාර ලබන රෝහලේ බෝම්බයක් – ජාතික ආරක්ෂාව අනතුරක ද?

වැසිකිළියක ඇටවූ බෝම්බය කුමන්ත්‍රණයක්ද? ත්‍රස්ත ක්‍රියාවක්ද?

නාරාහේන්පිට ලංකා රෝහලේ වැසිකිළියක් තුළ බෝම්බයක් ඇටවීමේ සිද්ධිය මේ වන විට ආන්දෝලනයකට ලක්ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ‍ ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 26 හැවිරිදි තරුණයකු බවයි හෙළිව තිබෙන්නේ.

කෙසේ වෙතත් මෙම සිද්ධිය තීරණාත්මක එකක් වී තිබෙන්නේ ඒ වනවිටත් රජයේ ප්‍රබල අමාත්‍යවරයකු වන චමල් රාජපක්ෂ මහතා සහ ගුවන් හමුදාපතිවරයා ඇතුළු ප්‍රභූන් කිහිපදෙනකුම එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අවස්ථාවක මෙය සිදු වීමයි.

අත් බෝම්බයකට මදුරු දඟරයක් සම්බන්ධ කරමින් සූක්ෂම ලෙස බෝම්බය පුපුරා යාමට හැකි අයුරින් සකස් කර තිබූ බව හෙළිව ඇති අතර පොලිසිය සඳහන් කරන්නේ මෙවැන්නක් සිදු කළ හැක්කේ ගොම පිළිබඳ මනා දැනුමක් තිබෙන පුද්ගලයෙකුට පමණක් බවයි.

කෙසේ වෙතත් පසුගිය 14 වැනි දා මෙම බෝම්බය පිළිබඳව තොරතුරු වාර්තා වීමත් සමඟ ආරක්ෂක අංශය කඩිනමින් මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනු ලැබුවා.

එහිදී අදාල බෝම්බය වැසිකිලිය තුල තිබෙන බවට ඔත්තුව ලබා දුන් පුද්ගලයාම බෝම්බය ඇටවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු අධික ණය බරින් පසු වූ පුද්ගලයකු බවත් අදාළ තොරතුරු ලබා දී ඒ හරහා පොලිස් දෙපාර්තමේන්තුව විසින් පිරිනමනු ලබන මුදල් ත්‍යාගයක් හිමිකර ගැනීම ඔහුගේ අපේක්ෂාව වී ඇති බවත් හෙලිවී ඇතැයි පොලීසිය පවසනවා.

අදාළ පුද්ගලයා මීට දින දොළහකට පමණ පෙර කොළඹට පැමිණ මෙම රෝහලේ ඉදිකිරීම් සේවකයෙකු ලෙස සේවයට එක්ව ඇති බවද සඳහන්.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරමින් පවතින බව අප වෙත වාර්තා වන අතර මෙම ක්‍රියාව පිටුපස යම් කුමන්ත්‍රණයක් හෝ ‍ සැලසුම් සහගත ත්‍රස්ත ක්‍රියාවක් තිබේද යන්න පිළිබඳ පර්යේෂණ තව දුරටත් ක්‍රියාත්මකයි.

About The Author